මැතිවරණ කොමිසමේ හිටපු සභාපති, මහින්ද දේශප්‍රිය යළි මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.



මේ වනවිට සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමිසමේ නව සාමාජිකත්වය සඳහා පසුගියදා අයදුම්පතක් යොමු කර තිබිණ.

කොමිෂන් සභා සඳහා අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගියදා පියවර ගනු ලැබූ අතර පසුගිය මස 15 වැනිදායින් ඊට අදාළ කාලය අවසන් විය.

කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමට අදාළ අයැදුම්පත් කැඳවීම අවසන් කළ බවත්, නුදුරේදිම කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත්කිරීමට කටයුතු කරන බවත් කථාතානායක මහින්ද යාපා අබේවර්ධන ද සඳහන් කළේය.

එමෙන්ම පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නීර්ණය සඳහා වූ ජාතික කමිටුවේ කාලය තවත් මසකින් දීර්ඝ කරන ලෙස එම කමිටුව විෂය භාර අමාත්‍ය, අගමැති දිනේෂ් ගුණවර්ධන ගෙන් සහ ජනාධිපතිගෙන් ඉල්ලා තිබේ.



JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්