අවුරුදු සයක කෙටි කාලයක් තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාදරය දිනූ ශ්‍රී ලාංකික දරුවෙකු

දුර්ලභ පිළිකා රෝග තත්ත්වයක් නිසා මිය ගොස් තිබේ.
ඔහු නමින් යෙනුල ආර්ය හෙන්නක නමැති විය.

ඇමෙරිකාවේ ඔහායෝහි පදිංචිවී සිටි යෙනුල වසර දෙකකට අධික කාලයක් 'යූවින් සාර්කෝමා' නමැති දුර්ලභ පිළිකා රෝගයෙන් පෙළිණි.

යූවින් සාර්කෝමා යනු අස්ථි තුළ හෝ අස්ථි වටා ඇති මෘදු මාංශ පේශිවල හටගන්නා පිළිකාවකි. මෙය ළමුන් සහ තරුණයින් අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි.

Yenula

"අසාමාන්‍ය දරුවෙක්"

සිය පුතණුවන් අසාමාන්‍ය හැකියාවන් සහිත දරුවෙකු බව ඔහුගේ දෙමාපියන් වන ප්‍රදීප් ඉන්දික හෙන්නක සහ චතුරිකා හෙන්නක පවසති.

"එයා අපි එක්ක හිටිය ඒ ටික කාලයට ගොඩක් වැඩ කළා. කතා නිර්මාණය කළා. ඒ කතාවලින් චිත්‍රපට හැදුවා. කවි සහ ගීත ලිව්වා. ඒ ඔක්කොම කළේ පිළිකාවෙන් පීඩා විඳින අතරතුරදි. ඒ වගේ ම එයාට හැමෝම ආදරය කළා. හැම තැනක දී ම එයාට ආදරය හිමි වුණා," යෙනුලගේ මව ඇමෙරිකානු මාධ්‍ය වෙත පවසා තිබිණි.

යෙනුල හෙන්නක කුඩා අවධියේ සිට ම කවි සහ ගීත රචනයට යොමු වී ඇති අතර, ඔහු 'Wind of escape' නමින් කාව්‍ය සංග්‍රහයක් ද පළ කළේ ය. එහි සිතුවම් නිර්මාණය ද ඔහු විසින් සිදුවීම විශේෂත්වයකි.

sfgdsfgdfteකෘතියේ සිතුවම් නිර්මාණය ද සිදුකර තිබුණේ යෙනුල හෙන්නක යි



ඇමෙරිකානුවෙකු වූ හැටි

යෙනුලගේ පියා වන ප්‍රදීප් ඉන්දික හෙන්නක වසර 20ක කාලයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ රියැදුරෙකු ලෙස සේවය කරන අතර මව වන චතුරිකා මීට වසර අටකට පමණ පෙර ඇමෙරිකාවට පැමිණ තිබේ. ඇය පෙර පාසල් ගුරු සහායිකාවක ලෙස සේවය කරයි.

මීට වසර සයකට පෙර යෙනුල උපත ලැබුවේ ස්ටැටන් අයිලන්ඩ් යුනිවර්සිටි රෝහලේ දී ය. ඔහු ක්ලෝව් වැලී විද්‍යාලයයේ ඉගෙනුම ලැබීය.

ඔහු පිළිකා රෝගියෙකු බව හදුනාගෙන ඇත්තේ 2020 වසරේ ජූලි මාසයේ දී ය. ඉන්පසු ඔහු අඛණ්ඩව ප්‍රතිකාර ලබා ගත්බව දෙමාපියෝ පවසති.
දුර්ලභ පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විඳි ඔහු පසුගිය පෙබරවාරි 24 වන දා අවසන් හුස්ම හෙළීය.

යෙනුලගේ පවුලේ සාමාජිකයින් ඔහු වෙනුවෙන් සටහනක් තබා තිබිණි.

"යෙනුල, ඔබ නැති අඩුව අපට දැඩිව දැනෙනු ඇත. දිනෙක අපි යළිත් මුණ ගැසෙමු."

dgfstw435

යෙනුල ආර්ය හෙන්නක දරුවාගේ මව වන චතුරිකා හෙන්නක ධර්මදාස ප්‍රකට සමාජ විශ්ලේෂක චින්තන ධර්මදාසගේ නැගේනියයි.

යෙනුල ගේ වියෝවෙන් පසු ඔහුගේ චින්තන ධර්මදාස සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබු සටහනක මෙසේ සඳහන්වේ.

''මං පොඩි උන්ට ළං නොවන්නේමත් උන්ගේ වෙන්වීම, වේදනාව මට දරාගන්න බැරි නිසයි. ඒත් දුර ඉඳන් වුනත් උඹ මාව විනාස කරන්න පුළුවන් තරමට ළංවෙලා හිටියා.

අවුරුදු තුනක් වයසෙදි උඹ කවිපොත් ලියද්දි මං පුදුමයෙන් බලන් හිටියා. උඹ හදන චිත්‍රපටිවල රූප රාමු ගලප ගලප කියද්දි ඒ පරිකල්පන ඇතුලෙ මගේ නාකිබව, සීමිත බව මං දැක්කා.

කවදා හරි උඹ නිර්මාණකරුවෙක් වෙනකල් මං ඉවසිල්ලෙන් හිටියා. උඹට ඕනතරම් කල් තියෙනවා කියලා මං ආසාවෙන් හිටියා. උඹට කියන්න ගොඩක් දේවල් මට ඉතුරු වෙලා තිබුණ.

උඹ අසනීපෙන් කියල කිව්වත් කිසි දවසක උඹ යන්න යයි කියල මට හිතුනෙ නෑ. උඹට කරන්න ගොඩක් දේවල් තිබුන හින්ද. අන්තිම බලාපොරොත්තුවේ කෙලවරේදිත් මං ප්‍රාතිහාර්යය විශ්වාස කළා. ඒ ප්‍රාතිහාර්යය කියන්නෙම මරණයත් එක්ක පුංචි උඹ කරපු ගනුදෙනුව කියල මං විශ්වාස කලේ නෑ.
තාමත් ආපහු ඇස් අරියි කියල මගේ ඇතුලතින් දැනෙන විශ්වාසය මට උඹ ගිය බව පිළිගන්න බැරි කරනවා.

ලස්සන දේවල් හරි කෙටියි. අසිරිමත් දේවල් පවතින්නෙ තත්පර ගානයි.

උඹ ජීවිතේට අසීමිතව ආදරේ කළ බව මං දන්නවා. මරණය උඹට අකැප බව මං දන්නවා. ඒත් වළාකුල්වල ජීවත් වෙන දේවදූතයන්ට මේ පොලොව නපුරු වැඩි බව මං දැන් දන්නවා.

ම‍ගේ ජීවිතේ මට දකින්න වුනු වේදනාත්මකම මරණය ළග මං නතර වෙලා ඉන්නවා. මරණයෙන් අවසන් නොවෙන සුවිසල් ජීවිතයක් අදහන මං ඒ මිටියාවතේදී උඹව ආපහු මුනගැහෙනවා.

අපිට තියෙනවා අසම්පූර්ණ කවියක් සම්පූර්ණ කරන්න. ආර්ය, මං එනකං ඉන්න.
May be a closeup of 1 person, child, standing and outdoors

(උපුටා ගැනීම - BBC සිංහල සේවය)

(ඡායාරූප මූලාශ්‍රය, CHATHURIKA DHARMADASA)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්