වත්මන් පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් මේ මස 26 වනදා සිට විශ්‍රාම යාමට අදාල ලිපිය මේවනවිට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඇති බැවින් මීලඟ පොලිස්පතිවරයා කවුරුන්ද යන්න බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව ඇත.



ඒ අතර ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ වත්මන් පොලිස්පති සී ඩී වික්‍රමරත්නට වසරක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති වික්‍රමසිංහ එකඟත්වය පළකර ඇති බවයි.

කෙසේවෙතත්, ව්‍යවස්ථාදායක සභාව විසින් පත්කරනු ලබන රජයේ නිලධාරීන්ට විශ්‍රාම වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු යළි සේවා දිගුවක් සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාවක් නොමැති බව නීතිවේදීන් පවසති.

ඒ අනුව මේ මස 26 වනදා සිට විශ්‍රාම යාමට නියමිතව පොලිස්පති සී ඩී වික්‍රමරත්නට ද එම අවස්ථාව නොලැබෙන බව ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා 'නෙත් නිව්ස්' වෙත පැවසිය.



ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදාය සභාවට ඉදිරිපත්කරන නම් අතරින් පොලිස්පති ධූරය සඳහා නිලධාරියෙකු පත්කර ගැනීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව ද ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මෙසේ කරුණු පැහැදිලි කළේය.



මීලඟ පොලිස්පතිවරයා කවුරුන්ද යන්න සම්බන්දයෙන් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව ඇත්තේ එම තනතුරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකු අතර පවතින තරඟය හේතුවෙනි. මෙම තරඟකරුවන් තමන්ට හිතවත් මාධ්‍ය හරහා එකිනෙකාට එරෙහිව අවලාද කිරීම් හා අපහස කිරීම් සිදුකිරීම් දක්වා තත්ත්වය දුරදිග ගොස් ඇත.


සබැඳි පුවත් :
මීළඟ පොලිස්පති පත් කරන්නේ කෙසේ ද ?

 


 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්