මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ වර්ග 43 ක් ඉතා ඉහළ මිල ගණන් යටතේ මිලදී ගැනීමේ සූදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.



හදිසි මිල දී ගැනීම් ලෙස පිළිකා නාශක ඖෂධ ඉතාමත් අධික මිල ගණන් යටතේ ලබා ගැනීමට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර තිබේ.

මීට පෙර ඩොලර් තුනකට මිල දී ගත් ඖෂධ වර්ගයක් මෙවර ගෙන්වීමට නිර්දේශ කර ඇත්තේ රුපියල් තිස් එක් දහසක මිලකට වන අතර එම ඖෂධය වෙළෙඳපළේ රුපියල් තුන්දහසකට පමණ මිල දී ගැනීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන් ම මීට පෙර රුපියල් පන්දහසක පමණ මිලකට ලබා ගත් ඖෂධයක මෙවර මිල රුපියල් හතළිස් නව දහසක් ලෙස දක්වා තිබේ.  

සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල සඳහන් නොවන මාර්ගෝපදේශයක් ප්‍රථම වරට මෙම ඖෂධවලට අදාළව ඉදිරිපත් කර තිබෙන අතර එම මාර්ගෝපදේශය සපුරා ඇති එක් ආයතනයකට පමණක් ඖෂධ දහනවයකට අදාළ ටෙන්ඩර් පිරිනැමීමට නිර්දේශ කරනු ලැබ ඇත.

මෙවර මෙම මාර්ගෝපදේශය ඉදිරිපත් කර ඇත්තේ වැඩි ටෙන්ඩර් ප්‍රමාණයක් එම ආයතනයට ලබා දීමේ වුවමනාව මත බව ද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම ආයතනයට පමණක් ලබා දීමට නිර්දේශ කර තිබෙන ටෙන්ඩර්වල වටිනාකම රුපියල් කෝටි දහයකට අධික ය.

 

ඇතැම් ඖෂධ වර්ග සඳහා එක් එක් ආයතන ඉදිරිපත් කර තිබෙන මිල ගණන් අතර විශාල පරතරයක් පවතියි. වැඩිම ටෙන්ඩර් ප්‍රමාණයක් ලබා ගැනීමට නිර්දේශ කර තිබෙන ආයතනය ඖෂධයකට නියම කර තිබෙන රුපියල් හතළිස් නව දහස තවත් ආයතනයක් මිල කර ඇත්තේ රුපියල් අටදහස් පන්සිය අසූහතරක් වැනි අඩු මිලකට ය. එවැනි අවස්ථා ගණනක් මෙම නිර්දේශයන්හි සඳහන් වෙයි.

 

tens

 

රට විරුවන්ගේ මුදල් පරිත්‍යාගයක් !


විදේශ සේවා නියක්ති කාර්යාංශයෙන් රජයට ලබා දුන් රුපියල් කෝටි තුන්සියයක මුදලින් රුපියල් කෝටි දහයක් පමණ මෙම ඖෂධ මිල දී ගැනීමට යෙදවෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය. ටෙන්ඩර් කැඳවා ඇත්තේ  ඖෂධ වර්ග හතළිස් තුනක් වෙනුවෙනි.

මෙම ඖෂධ ලැයිස්තුවට අදාළව ටෙන්ඩර් පිරිනැමීම සඳහා කර ඇත්තේ නිර්දේශ පමණක් බවත් කුමන නිර්දේශ කළ ද අවසන් තීරණය ගැනෙන්නේ ටෙන්ඩර් මණ්ඩලයෙන් බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක පැවසීය. ටෙන්ඩර් මණ්ඩලය මෙම සතියේ දී රැස් වීමට නියමිත බවත් අතිරේක ලේකම්වරයා කීවේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට පරිත්‍යාග කර තිබු ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක මුදලින් ද මෙවැනිම ආකාරයට ඉතා ඉහළ මිල ගණන් යටතේ ඖෂධ මිලදී ගැනීම් සඳහා යෙදවීමේ සුදානමක් පවතින බව වාර්තාවේ.

(මුලාශ්‍රය - aruna.lk)


සබැඳි පුවත් :
පිළිකා ඖෂධ ගන්න ලබාදුන් ඩොලර් ලක්ෂ 5 ත් හිර කරගෙන!

'ශ්‍රී ලංකා ක්‍රිකට්' අපේක්‍ෂා රෝහලට ඩොලර් ලක්‍ෂ 5ක් ප්‍රදානය කරයි

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්