මැඩගස්කරයේ දි එරට ආරක්ෂක අංශ විසින්  අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැකකෙරෙන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සළිදු

මල්ෂිත හෙවත් පානදුර සළිදු මෙරටට රැගෙනවිත් තිබේ.

මොවුන් දෙදෙනා අද (15)  පෙරවරු 7.20 පමණ මෙරටට රැගෙන ආ බව ගුවන්තොටු පොළ ප්‍රකාශයෙක් කීය.

මොවුන් මුම්බායි සිට කටුනායක ගුවන් තොටුපොළට රැගෙන ආ බව ද ඒම ආරංචි මාර්ග පවසයි.

මොවුන් බාර ගැනිම සඳහා අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ මර්දන විශේෂ කණ්ඩායමක් කටුනායක ගුවන් තොටුපලට ගොස් තිබිණ.

එම සැකකරුවන් පිරිස දිවයිනට රැගෙන ඒම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා මැඩගස්කරය බලා පිටත්ව ගිය අතර ඔවුන් කෙන්යාව, ඉන්දියාව හරහා මෙරටට පැමිණ තිබුණි.


කුඩු සලිදුට බය වෙලා ඉන්න පොලිස් ලොක්කො !



මේ අතර සලිඳු ලක්ෂිත නොහොත් කුඩු සලිඳු ගෙන් උපකාර ලබා ගෙන ඇති බව කියන ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු බියෙන් පසුවන බව 'නෙත් එෆ් එම් කනින් කොණින්' වැඩසටහන වාර්තා කරයි.


 ජීවිතය අවදානම ගැන දෙමාපියන්ගෙන් පැමිණිලි


මැඩගස්කරයේදී අත්අඩංගුවට ගන්නා ලද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට සකලෙරෙන දෙදෙනාගෙන් එක් අයකු වන කුඩු සළිඳු හෙවත් සලිඳු මල්ෂික ගුණරත්න පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහුගේ ජීවිතයට හානියක් සිදුවීමට ඇති ඉඩකඩ වළකන නියෝගයක් නිකුත් කරන ලෙස මෙන් ඔහුගේ මව විසින් ඊයේ (14) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කොට ඇත.

එසේම, මැඩගස්කරයේ සිට මෙරටට පිටුවහල් කරනු ලැබූ නදුන් චින්තක වික්‍රමරත්නගේ පියා විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

තමන්ගේ පුත්‍රයාද මාකදුරේ මදූෂ්, කොස්ගොඩ තාරක ආදීන් මෙන් සාධාරණ නඩු විභාගයකින් තොරව අත් අඩංගුවේ පසුවෙද්දී ඝාතනය වීමේ අවදානමක් පවතින බව දක්වමින් ඔහු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

එකී පැමිණිල්ල මගින් තම දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.


සබැඳි පුවත් :
'හරක් කටා' රැගෙනඒම අද නොවේ හෙට !

'හරක් කටා'ගේ ජීවිතය අනතුරේ ! - පියා මානව හිමිකම් කොමිසමට යයි !

මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෙට අලුයම දිවයිනට

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්