2019 වසරේ මුදල් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර ඉදිරිපත් කළ බදු ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන්නැයි

සමඟි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

වෘත්තීය සමිති රැසක් ඊයේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් අද (16) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මේබව කියා සිටියේය.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය, විදුලි බිළ ඉහළ දැමීම ඇතුලු කරුණු වලට එරෙහිව  වෘත්තිකයන් ගෙනයන වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විනාඩි පහෙන් පහට පුවත් නිකුත් කරමින් වර්ජනය අසාර්ථක බවට ප්‍රකාශ කිරීමට අසාර්ථක උත්සාහයක නිරත වූ බව ඔහු එහිදී සඳහන් කළේය.

වර්ජනය දින දුම්රිය, බස් ධාවනය, බැංකු විවෘත කර තැබීම ආදී සියලු දෑ සම්බන්ධයෙන් පුවත් පළකළ ජනාධිපති මාධ්‍ය අංශයට රටේ ජනතාව පත්ව ඇති අසරණභවය නොපෙනී ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.

ඩොලරය පහළ බසිද්දී පුවත් පළ කරන ජනාධිපති මාධ්‍ය අංශය ඩොළරය ඉහළ යාමේදී පුවත් පළ නොකළ බවත් ඔහු කියා සිටියේය.

රටේ මතුව ඇත්තේ ප්‍රචාරණය පිළිබඳ යුද්ධයක් නොවන බැවින් ජනතාවගේ සැබෑ ප්‍රශ්නය තේරුම් ගෙන කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් මරික්කාර් මන්ත්‍රීවරයා කීවේය. 

 

''තාවකාලික චූන්වලින් රුපියල ශක්තිමත් කළ නොහැකියි'' - නාලක ගොඩහේවා

නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නිදහස ජනතා සන්ධානය ද අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදීද අදහස් පළ කළේය.

 බදු ගන්නෙ නැතුව ඉදලා එකපාරටම ලොකු බද්දක් ගැහුවාම එක ජනතාවට දරාගන්න බැහැ '' යයි නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය නාලක ගොඩහේවා පැවසීය.

ආර්ථිකය ශක්තිමත් නොකර තාවකාලික චූන්වලින් රුපියල ශක්තිමත් කළ නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

පසුගිය දිනවල රුපියල ශක්තිමත් වූ බව පෙනුණත් දැන් යළිත් එහි අගය පහළ යමින් ඇතැයි කී මන්ත්‍රීවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කරනවිට රුපියලේ අගය වර්තමානයේ තරමටවත් පාලනය කිරීමට නොහැකි වනු ඇතැයි සඳහන් කළේය.  

පළාත් පාලන මැතිවරණය පවැත්වීමට නොහැකි නම් පාර්ලිමේන්තු මැතිවරණය හෝ පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යැයි කී නාලක ගොඩහේවා, ජනාධිපතිවරයාට මෙම මාසයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබෙන බව ද කීවේය.

ජනතාවට තමන්ගේ මහජන නියෝජිතයන් තෝරාගැනීමට අවස්ථාව දිය යුතු බවත්, ජනාධිපතිවරයාට 2025 පමණ වන තුරු එම ධුරයේ කටයුතු කළ හැකි නිසා අවශ්‍ය නම් නව පාර්ලිමේන්තුවකින් සර්වපාක්‍ෂික ආණ්ඩුවකට ද ආරාධනා කළ හැක බව ගොඩහේවා කීවේය.

දිගින් දිගටම වැඩවර්ජන පැවතුණොත් එය රටේ ආර්ථිකයට දැඩිව බලපානු ඇතැයි කී ගොඩහේවා මන්ත්‍රීවරයා, රජය ආදායම් වැඩිකරගැනීම සම්බන්ධයෙන් මෙන්ම ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් ද සංවේදී විය යුතු බව පැවසීය.

 

බදු නොගෙවන සෙට් එකක් ගැන හෙළිදරව්වක්

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ සියලු දෙනා පවතින දුෂ්කරතා මධ්‍යයේ ඉදිරි  මාස 6 ගත කළ යුතු බවයි.

එසේ නොවුන හොත් ආර්ථික වශයෙන් අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සියලු දෙනාට සිදුවන බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්