පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වරදකරු වී මරණ දඬුවම ලැබ සිටින

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ට සමාව ලබා දීම එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් නියෝගයක් බැවින් ඊට එරෙහිව අධිකරණය හමුවේ අභියෝග කළ නොහැකි බව දුමින්ද සිල්වා ට සමාව ලබාදීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාර සිල්වා පැවසුවේය.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.

පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රඝාතනයට වරදකරු වී මරණ දඬුවම ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු දුමින්ද සිල්වා ට ජනාධිපති සමාව ලබාදීම බල රහිත කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ගේ බිරිඳ සුමනා ප්‍රේමචන්ද්‍ර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයකු වන ගසාලි හුසේන් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකාර දුමින්ද සිල්වා ට සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය මුළුමනින්ම නීතියට පටහැනි බව සඳහන් කළේය.

කෙසේ වෙතත් අදාළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේදී හිටපු ජනාධිපතිවරයා නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කර තිබෙන බවය.

මේ පිළිබඳ වැඩිදුර විභාගය එළඹෙන 30 වැනිදා පැවැත්වීමට නියමිතය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්