රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම

සංවිධානාත්මක අපරාධකරුවන් සැකකෙරෙන  නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් "හරක් කටා" සහ සලිදු මල්ශික ගුණරත්න නොහොත් "පානදුරේ කුඩු සලිදු" යන අයවලුන්ගේ ජීවිතාරක්ෂාව සැලසිය හැකි ආකාරය සම්බන්ධයෙන් වන වාර්තාවක් සතියක් ඇතුලත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට අද (22) නියෝගය කළේය.

තම සේවාදායකයින් දෙදෙනා ගේ ජීවිතාරක්ෂාව සැලසිය හැකි ආකාරය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන්නැයි සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥයින් මෝසමක් මගින් අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

රැඳවියන් යම් කිසි විමර්ශන රාජකාරියක් සඳහා දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන යන්නෙ නම් අධිකාරී ලත් නිලධාරියෙකු භාරයේ රැගෙන යන ලෙසත්, එසේ විමර්ශන සඳහා පිටතට රැගෙන යාම පෙ.ව. 6.ත් ප.ව. 6ත් අතර කාලයක සිදු කරන ලෙසට නියෝග කරන ලෙසත් එකී පෙත්සම් මගින් ඉල්ලා තිබිණ.

එසේම රැඳවුම් නියෝගයේ සඳහන් ස්ථානයෙන් වෙනත් ස්ථානයකට කුමන හෝ කරුණකට රැගෙන යන්නේ නම් එය අධිකරණයට දැනුම් දී ලබා ගන්නා ලද නියෝගයක් මත පමණක් රැගෙන යන ලෙසත් ඉල්ලා තිබිණ.



පොලිස් අත් අඩංගුවේ සිටියදී සැකකරුවන් විශාල ප්‍රමාණයක් මිය යාමේ අඳුරු ඉතිහාසයක් තිබෙන බැවින් සැකකරුගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම ඉල්ලීම ගරු අධිකරණයෙන් ඉල්ලා සිටීමට සිදුව ඇති  බව නදුන් චින්තක වික්‍රමරත්න යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න කියා සිටියේය.



සැකකරු රාත්‍රී කාලයේ විමර්ශන සඳහා සම්බන්ධ කර නොගන්නා බවත්, දැනට රඳවා සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුසිත කහගල්ල සැකකරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනටමත් වගකීම් දරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  සඳහන් කළේය. එසේම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට ගෙන යන්නේ නම් ඒ සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග නිසි ලෙස ගන්නා බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ලබන බදාදා (29) වන දින වන විට විමර්ශනවලට බාධා නොවන ලෙසත් සැකකරුගේ ආරක්ෂාව තහවුරු වන ලෙසටත් වන නිශ්චිත ක්‍රමවේදයක් අධිකරණයට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේය.

විශේෂ වශයෙන් මෙම සැකකරු මෙරටට ගෙන එනු ලැබුවේ ජාත්‍යන්තර පොලීසිය විසින් නිකුත් කළ රතු වරෙන්තුවක් මත වන බැවින් සැකකරුගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රජයටද වැඩි වගකීමක් තිබෙන බව අධිකරණය සැල කළේය.

නදුන් චින්තක වික්‍රමරත්න යන අය වෙනුවෙන් නීතිඥ පුබුදු රන්දිම, සංජය ආරියදාස යන මහත්වරුන් සමඟ ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න පෙනී සිටි අතර සලිඳු මල්ෂික හෙවත් කුඩු සලිඳු වෙනුවෙන් නීතිඥ ජාලය සමරසිංහ පෙනී සිටියේය.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image