ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) හිටපු සභාපති නීතිඥ පේරුසිංහ ට රුපියල් මිලියන 50ක් වන්දි වශයෙන් ගෙවන ලෙස කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ පෙරේදා (21)දා නියෝග කළාය.



ස්වාධීන රූපවාහිනී සේවය, එහි හිටපු සභාපති නිව්ටන් ගුණරත්න හා ප්‍රවෘත්ති කළමනාකරු සුධර්මන් රදලියගොඩ යන අයට එක්ක හා වෙන් වෙන්ව මෙම මුදල ගෙවන ලෙස ද, දිසා විනිසුරුතුමිය වැඩිදුරටත් නියෝග කළේය.

එහි හිටපු සභාපති ගයිරික පේරුසිංහ විසින් 2006 වසරේ දී යොමු කරන ලද පැමිණිල්ලක් ඒකපාර්ශවික විභාගය අවසන් කිරීමෙන් පසු පරණගම විනිසුරුවරිය විසින් මෙම නියෝගය සිදු කරනු ලැබීය.

මෙම පැමිණිල්ලට එරෙහිව  විත්තිකරුවන් විසින් මතුකරන ලද මූලික විරෝධතාවයක් විභාග කළ බස්නාහිර පළාත්බද මහාධිකරණය එකී විරෝධතාවය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව එම නඩුව යළි විභාග කිරීම සඳහා කොළඹ දිසා අධිකරණයට යොමු කර තිබිණි.

 

ඉහත පැමිණිල්ලට එරෙහිව උත්තරයක් සහ විසඳිය යුතු ප්‍රශ්න ද වාර්තා ගත කරන ලද අතර සාක්ෂි හා ලේඛන ලැයිස්තුවලට අනුමැතිය ලබාගැනීමෙන් පසු වරින් වර මෙම නඩුව සමථයකට පත්කර ගැනීම සඳහා දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්විණි. කෙසේ වුවද එම සාකච්ඡා සාර්ථක නොවීම හේතුවෙන් නඩුව විභාග කිරීමට තීරණය කරන ලදී.

 

කෙසේ වුවද නඩුව විභාගයට ගත් දිනයේ දී ස්වාධීන රූපවාහිනී සේවයේ හා එහි හිටපු සභාපති නිව්ටන් ගුණරත්න ගේ පෙනී සිටීමක් හෝ හෝ නීතිඥ නියෝජනයක් සිදු නොවිණි. විත්තියේ පාර්ශ්වය වෙනුවෙන් මෙම නඩුවට කලින් පෙනී සිටි ලේඛනගත නීතිඥවරයා අධිකරණය ඉදිරියේ දී පෙනී සිටිමින් සඳහන් කර සිටියේ නඩුව සඳහා තමාට උපදෙස් ලැබී නොමැති බවයි. ඒ අනුව මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නඩුව ඒකපාර්ශවිකව විභාග කිරීමට පූර්වගාමී විනිසුරුවරයා විසින් එදින තීරණය කරන ලදී.

මේ අතර ප්‍රවෘත්ති කළමනාකාර සුධර්මන් රදලියගොඩ මීට පෙර නඩුව දිනයක පෙනී නොසිටීම නිසා ඔහුගේ නීතිඥයින් අධිකරණයට දැනුම්දී සිටියේ ඔහුගෙන් තමන්ට උපදෙස් ලැබී නැති බවයි. ඒ අනුව ඔහුට එරෙහිවද ඒකපාර්ශවිකව නඩුව විභාග කිරීමට 2017.09.04 වන දින පූර්වගාමී විනිසුරුවරයා විසින් ඒ වන විටත් තීරණය කර තිබිණි.

නිතිඥ අනුෂා පේරුසිංහ ගේ උපදෙස් පිට සහ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන සහ ජනාධිපති නීතීඥ නවීන් මාරපන පැමිණිල්ල වෙනුවෙන් මුලින්ම පෙනී සිටි අතර පසුව නීතිඥ නන්දපාල වික්‍රමසූරිය සමග නීතිඥ තාරනාත් පල්ලියගුරුගේ පෙනී සිටියේය.

මූලික රුපියල් මිලියන 50 ට අමතරව නඩු ගාස්තු හා නෛතික පොලිය ද, මෙහි පැමිණිලිකාර පේරුසිංහ ට ගෙවන ලෙස දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ සිය නියෝගය මගින් වැඩිදුරටත් සදහන් කර තිබේ.

මෙම  නඩුවට පාදක වූ අපහාස කිරීමේ ප්‍රවෘත්තිය ස්වාධීන රූපවාහිනී සේවය මගින් ප්‍රචාරය කරන ලද්දේ 2004 මහ මැතිවරණය අවසන් වී සතියක් වැනි කාලයක් ඇතුළත අප්‍රේල් මස 12 වන දිනය. ඒ වන තෙක් ස්වාධීන රූපවාහිනී සේවයේ  සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටී සිටි පේරුසිංහ ගේ වකවානුව තුළ ආයතනය තුළ දූෂණ, වංචා හා අක්‍රමිකතා සිදු වූ බවට අදාළ ප්‍රවෘත්තිය මගින් පේරුසිංහ ට චෝදනා නගා තිබුණි.

2003 වසරේ නොවැම්බර් මස 03 වන දින එවකට ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් එක්සත් ජාතික පක්ෂ රජයේ අමාත්‍යාංශ 03ක්  පවරා ගැනීමෙන් අනතුරු ගයිරික පේරුසිංහ ද ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති ධුරයෙන් ඉවත් කරන ලද බව ජනාධිපතිනිය විසින් දැනුම් දී තිබිණි.
ජනාධිපතිනියගේ එම තීරණය ප්‍රතික්ෂේප කළ පේරුසිංහ තමා තවදුරටත් ස්වාධීන රූපවාහිනිය සභාපති වරයා වශයෙන් කටයුතු කරන බව දැනුම් දුන් නමුත්, යුද හමුදාව යොදවා පේරුසිංහ ආයතන පරිශ්‍රයට ඇතුළු වීම වලක්වන ලදී.

 පේරුසිංහ ගේ ඉවත් කිරීමෙන් පසු නිව්ටන් ගුණරත්න එහි සභාපතිවරයා වශයෙන් නම් නම්කරන ලදී.

එහෙත් ස්වාධීන රූපවාහිනී සේවය භාණ්ඩාගාරයට කොටස් හිමි සමාගමක් වූ හෙයින් නිව්ටන් ගුණරත්න නීත්‍යානුකූල සභාපතිවරයා වශයෙන් සමාගම් පනත යටතේ පත්කළ නොහැකි යැයි, සඳහන් කළ පේරුසිංහ සිය අධ්‍යක්ෂක මණ්ඩලය සමඟ එක්ව ආයතනයේ සියලුම ගිනුම් පරිශීලනය කිරීම අත්හිටුවා තිබුණි.

මෙම නඩුවේ 04 වන විත්තිකරු වශයෙන් නම් කර සිටි ප්‍රවෘත්ති අංශයේ උපදේශක මහින්ද අබේසුන්දර නඩුව පැවැත්වෙන අතරතුර අතරතුර මියයාම හේතුවෙන් ඔහුට එරෙහිව නඩු කටයුත්ත තවදුරටත් පවත්වාගෙන යාම අනවශ්‍ය බව පැමිණිලිකරුගේ නීතිඥයින් අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අනුව පැමිණිල්ල ඒකපාර්ශවිකව විභාග කරන ලද්දේ 1,2 හා 3  වන විත්තිකරුවන්ට එරෙහිව පමණි.

PHOTO 2023 03 23 12 17 24PHOTO 2023 03 23 12 17 23PHOTO 2023 03 23 12 17 24 1PHOTO 2023 03 23 12 17 24 2

 


 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image