පේරාදෙණිය සහ රුහුණ විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් තිදෙනකු සිදුකල විමර්ශණයකට අනුව
රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුළු මුදලින් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් ( සියයට 48.8) පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් වෙනුවෙන් වෙන් කර ඇති බව අනාවරණය වී තිබේ.
රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 69,491ක් වන අතර එම මුදලින් රුපියල් කෝටි 33,940ක් ආරක්ෂක අංශ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කර තිබේ.
මේ විමර්ශනය කරනු ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල ගේ මූලිකත්වයෙන් මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සහ රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි යන මහාචාර්යවරුන් විසිනි.
රජයේ සේවකයන් ලක්ෂ දහසයකට ආසන්න පිරිසක් සිටින අතර ඉන් ලක්ෂ 4 කට වැඩි ප්‍රමාණයක් ( හතරෙන් එකක්) පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවල සාමාජිකයන් බවට තොරතුරු අනාවරණයවී යැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසීය.
මේ අතර වැටුප් ගෙවීම සඳහා මීළඟට වැඩිම මුදල වැය වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙනි. එම ප්‍රමාණය රුපියල් කෝටි 11,800 කි.
ඊට පසුව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා කෝටි 5,930ක්ද රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා කෝටි 4,274ක්ද වැයවන බවට තොරතුරු අනාවරණය වී ඇත.
(lankatruth.com)