ආදි ආනන්දියකු වන හිටපු කතානායක කරු ජයසූරිය 'ආනන්දාභිමානී'' ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි.



කොළඹ ආනන්ද විද්‍යාලයේ 135 වන වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වෙමින් ජනාධිපති වික්‍රමසිංහ විසින් එම සම්මානය පිරිනමනු ලැබිය.

ආර්ථික, ආගමික, සංස්කෘතික සහ දේශපාලනික යන සකල අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත් ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවූ  ආනන්දීය චරිතයකට ජීවිතයට එක් වරක් පමණක් මෙම ''ආනන්දාභිමානී සම්මානය '' පිරිනමනු ලබයි.

සම්මානයට අදාල සන්නස් පත්‍රයේ මෙසේ සටහන් වී තිබිණි.

''ස්ව ශක්තියෙන්, ස්වෝත්සාහයෙන් නැඟී සිටිමින් අනලස්ව, අනල්ප ව ධාර්මිකව, සැදී පැහැදී රෑ දිවා වෙහෙසී සිය නිජබිම, ජාතිය, ආගම, භාෂාව ජන සමාජය කෙරෙහිඉමහත් සැදැහැ ගුණ නුවණින් අප්‍රමාණව ක්‍රියා කරමින් තම දෙගුරුන්ට ද, තමන් ශිල්ප ශාස්ත්‍ර හදාළ ශ්‍රී ලාංකික බෞද්ධ අධ්‍යාපනයෙහි මුදුන් මල්කඩ බඳු වූ කොළඹ ආනන්ද විද්‍යාලයට ද යශෝ කීර්තිය අත්පත් කර දුන්, උපන් රටේ සහජීවනය, සංහිඳියාව උදෙසා කැපවෙමින් අධ්‍යාපනික, ආර්ථික, සමාජයීය දේශපාලනික හා සංස්කෘතික ක්ෂේත්‍රයන් හි අභිවර්ධනය නගමින් අගතියෙන් තොර ව සත්‍යවාදීව මැතිසබයේ කථානායක ධුරය හොබවමින් පරමාදර්ශීය ඇවතුම් පැවතුම් පළ කල ශ්‍රී ලංකාභිමාන්‍ය නාමධාරී "කරු ජයසූරිය" සුධීමතාණන් වෙත "ආනන්දාභිමානී" වීර සම්භාවිත ගෞරව නාම අභිනන්දනය මෙසේ පිරිනමනු ලබම්හ.


PHOTO 2023 03 30 10 28 30

PHOTO 2023 03 30 10 28 31PHOTO 2023 03 30 10 28 31 1PHOTO 2023 03 30 10 28 32PHOTO 2023 03 30 10 28 32 1PHOTO 2023 03 30 10 28 32 2

ජනපති 2048 ගැන කතා කරයි


රටේ සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්‍ෂණයේ සියලු අංශ පිළිබඳ දැනුමෙන් සන්නද්ධ වන ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උත්සව සභාව අමතමින් පැවසිය. තාක්ෂණයේ නවතම දියුණුවත් සමග යාවත්කාලීන වෙමින් අනාගතය සඳහා සූදානම් වන ලෙසද ජනාධිපතිවරයා මෙරට ශිෂ්‍ය පරම්පරාවෙන් ඉල්ලීමක් කළේය.

IMF සහය ඇතුව වසර හතරකින් ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පසුව පැරණි ක්‍රමවේදයම අනුගමනය කරනවාද නැත්නම් අලුත් ක්‍රමවේදයක් ඔස්සේ දියුණු වන ලෝකයත් සමග ඉදිරියට යනවාද යන්න තීරණය කරන ලෙස ද ජනාධිපති වික්‍රමසිංහ ඉල්ලා සිටියේය.

 




JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්