ශ්‍රී ලංකාවේ පුරා විද්‍යා බලධාරීන් දෙමළ ජනතාවගේ පාරම්පරික උරුමය සහිත භුමියක් වෙනුවෙන්

සිංහල බෞද්ධ ඉතිහාසයක් නිර්මාණය කර දෙමළ අනන්‍යතාවය විනාශ කිරීමට ක්‍රියා කර ඇති බවට චෝදනා කරමින් උතුරේ විරෝධතා දියත් කර තිබේ.

යාපනයේ නෙඩුන්තීවූ හෙවත් ඩෙල්ෆ්ට් දුපතේ ස්ථාන දෙකකදී මාර්තු 29 වැනි බදාදා විරෝධතා දියත් කළ දෙමළ ජනතා නියෝජිතයන් ඇතුළු පිරිස චෝදනා කළේ දෙමළ ජනතාවගේ පාරම්පරික උරුමයක් වන නෙඩුන්තීව් විෂ්ණුපුත්‍ර වෙඩිඅරසන් බලකොටුව සිංහල බෞද්ධ ඉතිහාසයට සම්බන්ධ කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවයි.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඩෙල්ෆ්ට් දුපතේ පුරා විද්‍යා ස්ථාන සම්බන්ධයෙන් පිහිටුවා ඇති තොරතුරු පුවරු මෙම විරෝධයට හේතු වී තිබේ.

ඩෙල්ෆ්ට් දුපත පුරා විවිධ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පුරා කෘති විසිර ඇති අතර පෞරාණික වටිනාකමකින් යුතු ස්ථුප තුනක සාධක එහි දක්නට ලැබෙන බව දෙමළ බහුතරයක් ජීවත්වන පලාතක සිංහල හා ඉංශ්‍රීසි දෙබසින් පමණක් සඳහන් පුවරුවක් එහි වේ.

"සෙල්ලිපි වලින් එක් ලිපියක් බ්‍රාහ්මී අක්ෂරයෙන් සටහන්ව ඇත. අභිලේඛනඥයින්ගේ අදහස වනුයේ බ්‍රාහ්මී ලිපිය ක්‍රි.ව 1-2 අතර කාලයට අයත් බව සහ එය සිංහල ප්‍රාකෘත බසින් ලියා ඇත යන්නය,” යි එහි සඳහන්ව ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව් එය හඳුන්වා ඇත්තේ ඩෙල්ෆ්ට් දුපතේ පිහිටි පැරණිතම ස්ථානය වන බෞද්ධ නටබුන් සහිත භුමියක් ලෙසිනි.

වෙඩිඅරසන් බලකොටුව අසල සහ නෙඩුන්තීවූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී දෙමළ ජාතික ජනතා පෙරමුණේ සංවිධානත්වයෙන් දියත් වු උද්ඝෝෂණ වලදී දෙමළ ජනයා අවධාරණය කර සිටියේ  දෙමළ ජනතාව සතු දේපලක් වන  එම බලකොටුව සිංහල බෞද්ධ උරුමයක් බවට පත් කිරීමේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ උත්සාහයට සිය දැඩි විරෝධය පළ කරන බවයි.

"දෙමළ අනන්‍යතාවය වනසන බෞද්ධකරණය නවතනු, වෙඩිඅරසන් බලකොටුව දෙමළ ජාතිකයන්ගේ අනන්‍යතාවයයි, දෙමළ ජනයාගේ ඓතිහාසික ස්ථාන බෞද්ධකරණය කිරීමේ උපක්‍රමය  නවත්වනු, ශ්‍රී ලංකා රජයේ සැලසුම සහගත වර්ග සංහාරය නවත්වනු" ආදී සටන් පාඨ කියමින් දියත් වු විරෝධතාවය සදහා දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ද එක්ව සිටියේය.

 {gallery}Delf Island Protest{/gallery}

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image