ලොව පුරා විවිධ රටවල රැකියා කරමින් විදේශ විනිමය උපයන ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයින්

විසින්, මේ වසරේ මාර්තු මාසය වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 568කට අධික විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇත.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන් කර තිබු විශේෂ ඉල්ලීම ඊට විශාල පිටුවහලක් වී තිබේ.

ගෙවීගිය 2022 වසරේ ශ්‍රී ලංකාවේ පැවති බරපතළ අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා විදෙස් ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන ඩොලර් ඉතා වැදගත් වූ හෙයින් අමාත්‍යවරයා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සියලූදෙනා වෙතින් මෙරටට ඩොලර් ගෙන්වාගැනීම සඳහා අවශ්‍ය වන ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නගමින් එම ඉල්ලීම සිදු කළ අතර එයට යහපත් ප්‍රතිචාර ලැබී තිබිණ.



මේ වන විට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති ඩොලර් ප්‍රමාණය 2022 වසරේ මාර්තු මාසය වන විට ශ්‍රී ලංකාවට එවන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 318.4 ක් වූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව ඉතා සතුටුදායක තත්ත්වයකි. ඒ අනුව, පසුගිය වසරක කාලය ඇතුළත ඇමෙරිකානු ඩොලර් මිලියන 249.9 ක ඉහළ යෑමක් වාර්තා වී ඇති අතර, එය 78.5%ක ඉතා ඉහළ වර්ධනීය ප්‍රතිශතයකි.



විවිධ සමාජ, දේශපාලනික හා ආර්ථික කරුණු හේතුකොටගෙන උද්ගත වූ ගැටලූ රැසක් මුල්කර ගනිමින් හටගත් අර්බුදකාරී තත්ත්වයක් හමුවේ වසරක කාලයක් ඇතුළත මෙරට ආර්ථීකය ශක්තිමත් කිරීමට සැලකිය යුතු දායකත්වයක් මෙයින් සැපයෙන අතර, ගත වූ අඳුරු කාලපරිච්ඡේදය නිමාකරමින් බලාපොරොත්තු සහගත අනාගතයක් වෙත රට ගෙන යෑමට මෙමගින් ඉඩ සැලසෙනු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

පසුගිය වසර තුළ නිර්මාණය වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකය ඛෙහෙවින් අස්ථාවර වූ අතර, ඒ සමගම මතු වූ අනපේක්ෂිත ගැටලූ සහ දුෂ්කරතා රැසකට මුහුණදීමට සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට සිදු විය. ඇති වූ තත්ත්වය තුළ එදිනෙදා ජන ජීවිතයට අහිතකර ලෙස බලපෑම් එල්ල කළ ගැටලූ රැසක් මත වූ අතර, ජාතික ආර්ථීකය බිඳවැටීම සහ සංවර්ධන කටයුතු අඩාලවීම වැනි හේතු මත ඉතා අභියෝගාත්මක සහ අසීරු කාලපරිච්ඡේදයක් ගත කිරීමටශ්‍රී ලාංකිකයින්ට සිදුවිය.

නිෂ්පාදන, කර්මාන්ත හා ව්‍යාපාර කටයුතු අඩපණ වීම මගින් භාණ්ඩ හිඟයක්ද නිර්මාණය විය. පැට්‍රල්, ඩීසල් සහ ගෑස් ඇතුළු ඉන්ධන මෙන්ම බරපතළ රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන ඖෂධ සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ පවා ලබාගත නොහැකි තත්ත්වයක් හමුවේ අන්ත අසරණ තත්ත්වයකට මෙරට ජනතාව පත් විය. එසේම, විදුලි බල සැපයුම් පහසුකම් සපයාගත නොහැකි තත්ත්වයක්ද නිර්මාණය වූ අතර, දිගින් දිගටම විදුලි බලය රහිතව අඳුරේ කාලය ගතකිරීමටද ඔවුන්ට සිදු විය. ආහාර, සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි සියලූ අංශ අර්බුදයට ලක්වූ අතර, ආනයන හා අපනයන සීමාවීම නිසාද තත්ත්වය තවත් උග්‍ර අතට හැරිණි. පැවති අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සපයමින් ජාතික ආර්ථීකය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ඩොලර් ලබාගැනීම බරපතළ ගැටලූවක් බවට පත්ව තිබිණි. එවැනි පසුබිමක් තුළ විදෙස්ගත ශ්‍රමිකයන් වෙතින් මෙරටට ලැඛෙන විදෙස් විනිමය මගින් අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීම කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ හැකිව තිබිණි.

ඒ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ල යොමු කරමින් කම්කරු හා විදේශ අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් කරන ලද ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවට ඩොලර් ප්‍රේෂණ එවමින් ශ්‍රී ලංකාවට සහ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය යුතුකම් ඉටුකළ විදෙස්ගත ශ්‍රමිකයින්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කියා සිටියි.

 

 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image