ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර වොෂින්ටන් නුවර දී ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඇරඹීමට පැය 48 ක් තිබිය දී,

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ට බර අවි ප්‍රහාරයක් එල්ල කරන්නේ කෙසේ හෝ එම වැඩසටහන කඩාකප්පල් කිරීමට තමන් සුදානම්බව පෙන්වීමට යයි ජනාධිපතිවරයාගේ ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කිර්ති තෙන්නකෝන් පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

''  විපක්ෂය, ආණ්ඩුවට දේශපාලනික ප්‍රහාර එල්ල කිරීම සාමාන්‍ය දෙයකි. නමුත්, ලෝකයම බලාගෙන සිටින ලංකාවේ අනාගතය තීරණය කරන රැස්වීමකට වාඩිවන සාකච්ඡාකරුවන්ට කුමන්ත්‍රණ චෝදනා ඉල්ල කිරීම අවස්ථවාදී දේශපාලන ව්‍යවහාරයකි.

සඳුදා (අප්‍රේල් 10) දින වොෂින්ටන් හි දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය ඉහළම මට්ටමේ නිල සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.  මුදල් අමාත්‍යවරයා, මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ හා මහ බැංකු නිලධාරීන් මේ වන විට ඇමරිකාව බලා ගොස් ඇත. නිල සාකච්ඡා ඇරඹීමට පැය කිහිපයකට පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා එම සාකච්ඡාවට සහභාගිවන නිලධාරීන් (මුදල් ඇමති හා මහ බැංකු අධිපති) ට දේශපාලන වේදිකාවක දි ජවිපෙ කුමන්ත්‍රණ චෝදනා එල්ල කිරීම පුදුම සහගතය.

නන්දලාල් වීරසිංහ සහ ජවිපෙ අතර සුනිල් හඳුන්නෙත්ති හරහා හොඳ සම්බන්ධයක් අවබෝධයක් තිබුණි. මහ බැංකුවේ අධිපති ධූරය බාරගන්නට පෙරත්, ඉන් පසුව මාස ගණනාවක් යන තුරුත් එය එළෙසම පැවතුති. ආණ්ඩුවත් මහ බැංකුවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර ගිවිසුම අනුව මෙරටට මුදල් ලැබිමත් සමඟ එම තත්වය වෙනස්වී ඇත. දැන් ජවිපෙ ට, නන්දලාල් පෙනේනට බැරිය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හෝ ඔහුගේ කැබිනට් මණ්ඩලයට විරුද්ධවීම දේශපාලනික ය. නමුත්, ආර්ථිකය ගොඩ දමමින්, කළමනාකරණය කරමින් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට දේශපාලනික බර අවි ප්‍රහාර එල්ල කිරීම පැහැදිලිවම කෙසේ හෝ නැවත රටේ මුල්‍ය අරාජිකත්වයක් ඇති කිරීමේ අරමුණින් සිදු කරන්නකි.

 

විශේෂයෙන්ම, එම සාකච්ඡාවට ලංකා රජය නියෝජනය කරන කණ්ඩායමට දේශපාලන වේදිකාවක චෝදනා කිරීම තුලින් ජවිපෙ පැහැදිලි පණිවුඩයක් වොෂින්ටනයට ලබාදී ඇත. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනක පිළිබඳ තෘප්තියක් නැති බව හා අවශ්‍ය නම් එය කඩාකප්පල් කිරීමට තමන් පසුබට නොවන බවය.

 

දැන් අයි.එම්.එෆ්. විරෝධය කර ගසා දෙන යන්නේ විමල් - ගම්මන්පිල කණ්ඩායම, ගෙවිඳු කුමාරතුංග කණ්ඩායම සහ ජවිපෙ පමණී. ආරම්භයේ සිටම විපක්ෂයේ විමල් ඇතුළු කණ්ඩායමට ලෝක බැංකුව, මුල්‍ය අරමුදල, ඇමරිකාව දුටුවිට කුමන්ත්‍රණ පෙනෙන්නේය. දැන් කාලයකට පසුව නැවත ජවිපෙට මුදල් ඇමති හා මහ බැංකු අධිපති පෙනෙන්නේ කුමන්ත්‍රණකරුවන් ලෙසිනි.

රටේම බලාපොරොත්තුව හෙට ඇරඹෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු විෂයන් 12 කින් සාකච්ඡා සාර්ථක වීමය. දුෂණ විරෝධී පනත ඇතුළු නව අණ පනත් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශ්වාසය දිනාගැනීම ය.

ජවිපෙ සිදු කරන්නේ එම සාකච්ඡාවට නායකත්වය ලබාදෙන නියෝජිතයින් ඉලක්ක කර පහරදීම ය.

මෙය ජනපතිට, ආණ්ඩුවට දේශපාලනිකව පහරදීමට වඩා අතිශයින් නරක හා විනාශකාරී පූර්වාදර්ශයකි.'' යයි ජනාධිපතිවරයාගේ ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කිර්ති තෙන්නකෝන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.


රටේ ආර්ථිකය IMF සමඟ ගැට ගැසුණු හේතුව !!!


රටේ ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට නතු වී ඇත්තේ වත්මන් මහ බැංකු අධිපතිවරයා ගත් තීරණයක් හේතුවෙන් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පසුගියදා ප්‍රකාශකර තිබිණ.

ශ්‍රී ලංකාව විදේශ රටවල්වලින් හා මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය මුදල් නොගෙවීමට මහ බැංකු අධිපතිවරයා එලෙස තීරණය කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලය හෝ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමකින් තොරව බව ඔහු කියා සිටියේ, ජාතික සම්පත් විකිණීම මගුලක්ද? උගුලක් ද? යන තේමාව යටතේ මහරගම පැවති විශේෂ සම්මන්ත්‍රණයක් අමතමිනි.



ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග හෙට (10) පැවැත්වීමට නියමිත Spring Meetings සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාර ලේකම් මහින්ද සිරිවර්ධන ද එක්වීමට නියමිතය.

ණය තිරසාරභාවය සහතික කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ලබා ඇති ප්‍රගතිය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සහයෝගීතාව වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

shehan semasinghe twit


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image