ජපානයේ වකයාමා වරාය නගරයේ පැවති උත්සවයක කතාවක් පවත්වමින් සිටින අතරතුර එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂාඩා ට (Fumio Kishida) එල්ල වූ ප්‍රහාරයක් වළකා ඔහු ආරක්ෂා සහිතව එතනින්

ඉවත් කර ගැනීමට ජපාන ආරක්ෂක අංශ සමත්ව ඇති බව එරට මාධ්‍යය වාර්තා සඳහන් කරයි.

ඔහු දෙසට බටයක් වැනි දෙයකින් දමා ගසා ඇති අතර පිපිරීමක් ද සමඟ දුමක් පිටව යන ආකාරය පටිගත වූ දර්ශනවලින් පෙනේ.

එම ප්‍රහාරයෙන් කිසිවෙකුටත් අනතුරක් වූ බවට මෙතෙක් වාර්තා වී නැත.

ජපානයේ NHK ජාතික මාධ්‍ය ආයතනය ප්‍රකාශ කරන්නේ අග්‍රමාත්‍යවරයා ආරක්ෂිතව පසුවන බවය. මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වේ.

ජපානයේ වැඩිම කාලයක් අගමැති ධුරයේ සිටි හිටපු අගමැතිවරයකු වන ශින්ෂෝ අබේ පසුගිය වසරේ ජූලි 28 වැනිදා එරට නාරා නගරයේ දී තුවක්කුකරුවකුගේ  වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්විය.


(lankasara.com)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image