ප්‍රධාන කරුණු දෙකක් පදනම් කර ගනිමින් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්පාදනය කළ බව

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (අප්‍රේල් 18) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.

රැඳවුම් නියෝග නිකුත් කිරීම සහ පාපොච්චාරණය මත චූදිතයන් වරදකරුවන් බවට පත් කර ගැනීම යන කරුණු දෙක මෙම කෙටුම්පත සම්පාදනය කිරීමේදී සලකා බලා ඇති බව ඔහු කියා සිටියේ ය.

“රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය තියෙන්නේ ආරක්ෂක ඇමතිට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට අනුව ආරක්ෂක අමාත්‍යවරයා විය හැක්කේ ජනාධිපතිට විතර යි. එතකොට මේ තනතුරු දෙක ම දේශපාලන තනතුරු ඒ නිසා මෙම දේශපාලනඥයින් නිසා රැඳවුම් නියෝග නිකුත් කිරීම නිසා නීතිය අවභාවිත වෙනවා කියන චෝදනාව බරපතළ චෝදනාවක් විදියට තියෙනවා.

දෙවන කාරණය පාපොච්චාරණයන් මත චූදිතයින් වරදකරුවන් බවට පත් කිරීම. රටේ සාමාන්‍ය නීතිය යටතේ අපි පොලිසියට ගිහිල්ලා කිව්වොත් එහෙම මම අපරාධයක් සිද්ධ කළා කියලා පොලිස් නිලධාරියා එය පොලිසියට වාර්තා කළොත් කට උත්තරයක් විදියට සටහන් කළොත් ඒ වරද කළ බවට අධිකරණය එය පිළිගන්නවා හැබැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පමණ යි.”

මෙම පනත මගින් රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කිරීමේ බලය ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉවත් කර එම බලය නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට ලබා දෙන බව ද ඇමතිවරයා මෙහිදී පැවසීය.

මෙහිදී මාධ්‍යවේදියෙකු මෙම පනත් කෙටුම්පත මගින් මාධ්‍ය මර්දනයක් සිදු වන බවට චෝදනා එල්ල වන බව ත් එය එසේ සිදුවනවාද යන්න පිළිබඳව මෙහිදී ප්‍රශ්න කර සිටියේ ය.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ය.

“මෙතන අපි මාධ්‍ය සම්බන්ධව සඳහන් කරලා තියෙන්නේ ත්‍රස්තවාදී කටයුත්තක් වෙනුවෙන් මාධ්‍ය පෙනී හිටිනවා නම් ප්‍රචාරයක් දෙනවා නම් ඒක මේ පනතට ඇතුළු වෙනවා. හැබැයි පනතේ ම ව්‍යතිරේඛ අවස්ථා දීලා තියෙනවා. ඇත්තට ම ත්‍රස්තවාදී ක්‍රියාවක් තම යි ත්‍රස්තවාදයට පොළඹවන දෙයක් තම යි මාධ්‍යවේදීන් ප්‍රචාරය කරලා තියෙන්නේ. හැබැයි ඔහු එය ප්‍රචාරණය කරන වෙලාවේ එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව නොදැන තමයි කරලා තියෙන්නේ. එහෙම අවස්ථාවකවත් මාධ්‍යවේදියෙක් එම පනතට යටත් කරන්න බැහැ .”

"ගොඩදෙනෙක් ඉන්නවා ත්‍රස්තවාදීන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරන්න. හැබැයි ත්‍රස්තවාදයට විරුද්ධව අපේ ජීවිත රැකගන්න අවශ්‍යයි කියලා විශ්වාස කරන අසරණ ජනතාවගෙන් 90%කගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ අය කථා කරන්නේ නැහැ. සමහර වෙලාවට සමහර මාධ්‍යත් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ. අපි නීති හදන්නේ ආණ්ඩු රකින්නවත් අපිට රැකෙන්නවත් ජනාධිපති රකින්නවත් නෙමෙයි. මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න."

 

 

සබැඳි පුවත් හා ලිපි :

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට මැදිහත්වන්න - ඇම්නෙස්ටිය අමෙරිකානු ජනපති ගෙන් ඉල්ලයි

ත්‍රස්තවිරෝධී පනත අසාර්ථක ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට වඩා හොඳ ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට - අධිකරණ ඇමති

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැන 'සාධාරණ සමාජයේ' ස්ථාවරය මෙන්න

'කුමන්ත්‍රණවලට ඉඩ දිය නොහැකියි' - රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

'ප්‍රතිත්‍රස්ත පනතේ ඇතැම් කරුණුවලට එකඟ විය නොහැකියි' - ඇමති අලි සබ්‍රි

ලංකාව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රතික්ෂේප කළ යුතුයි ! - 'හියුමන් රයිට්ස් වොච්'

ප්‍රතිත්‍රස්ත පනත: අධිකරණ ඇමති ගෙන් සිවිල් සංවිධාන නියෝජිතයින්ට සහතිකයක්

වැළැක්විය යුත්තේ කාගේ ත්‍රස්තවාදයද? - (ගාමිණී වියන්ගොඩ)

'ත්‍රස්ත විරෝධී' නව පනත් කෙටුම්පත කල් දමයි

නව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් ද?

'ත්‍රස්ත විරෝධී' පනත් කෙටුම්පත: නීතීඥ සංගමයෙන් කමිටුවක්

'ලියන කියන දෙයක් ජුනි මාසයට කලින් අවසන් කරනවා නම් හොඳයි' - (කුසල් පෙරේරා)

හෙට ප්‍රමාද වැඩියි. අද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හෙට ත්‍රස්තවාදී ක්‍රියාවකි - (රංජිත් හේනායකආරච්චි)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image