වඳවීමේ තර්ජනයට ලක්ව සිටින රිලවුන් ලක්ෂයක් පර්යේෂණාත්මක අරමුණක් වෙනුවෙන් චීන පෞද්ගලික සමාගමකට

අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සූදානම් වන බවට දේශීය හා විදේශීය මාධ්‍යවල මෑත කාලීනව සංසරණය වන දුස් තොරතුරු පිලිබඳ තම අවධානය යොමුව තිබෙන බව අද (අප්‍රේල් 19) චීන තානාපති කාර්යාලය නිවේදනය කොට තිබේ.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යවරයා සහ කැබිනට් ප්‍රකාශකවරයා විසින් ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද පැහැදිලි කිරීම් ද තමන් විසින් නිරික්ෂණය කළ බවත්,මේ සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය බීජිං බලධාරීන් සමඟ ද පරීක්ෂා කර ඇති බවත් එහි සඳහන් වේ.

වන සතුන් සහ ශාක ආනයනය සහ අපනයනය අධීක්‍ෂණය කරන සහ කළමනාකරණය කරන ප්‍රධාන රජයේ දෙපාර්තමේන්තුව වන චීන ජාතික වන විද්‍යා සහ තණබිම් පරිපාලනය එම ඉල්ලීම පිළිබඳව නොදන්නා බව තරයේ කියා සිටි බව අදාළ නිවේදනයේ දක්වා ඇත.

එමෙන්ම කිසිදු පාර්ශවයකින් එවැනි අයදුම්පතක් ලැබී නොමැති බව ද ඔවුන් තහවුරු කර ඇතැයි චීන තානාපති කාර්යාලය තම නිවේදනයේ දක්වා තිබේ.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියේ අත්සන්ගත පාර්ශ්වයක් ලෙස චීනය දැනටමත් සංශෝධන කිහිපයක් සමග වනජීවී ආරක්ෂණ නීතිය සම්මත කර ඇති බවත්, චීන රජය සෑම විටම වනජීවී ආරක්ෂාව සඳහා විශාල වැදගත්කමක් ලබා දෙන අතර ජාත්‍යන්තර වගකීම් සක්‍රීයව ඉටු කරන බව ද තානාපති කාර්යාලය අවධාරණය කොට තිබේ.

kisti

සබැඳි ලිපි :

රිලවුන් අපනයනය - (වික්ටර් අයිවන් )

රිලා ප්‍රශ්නය: ඇත්තටම සිදුවෙමින් පවතින්නේ කුමක් ද?

මුං එක්ක මොන අවුරුදු ද? - (Mahesh Hapugoda)

ලාංකික රිළවාගෙන් චීනය ද පාඩමක් ඉගෙන ගනු ඇත... - (Mahesh Hapugoda)

චීනයේ 'රිලා ඉල්ලීම' ගැන පරිසරවේදීන් අවධානයෙන්

රිලවුන්ට චීනයට යන්න වීසා ලැබෙයි !

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image