ආණ්ඩුව අධිකරණ කටයුතුවලට ඇඟිලි ගසන බවට විපක්ෂය නඟන චෝදනාවල කිසිදු සත්‍යයතාවක් නැතැයි

රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර පවසයි.

නීතිපති දප්පුල ලිවේරා කිසිවකුගේ බලපෑම්වලට හෝ ඉල්ලීම්වලට හිස නොනමන නිලධාරියකු බවත් ඔහු ස්වාධීනව කටයුතු කරන බලවත් නිලධාරියකු බවත් ඔහු කියා සිටියි.

ඊයේ (21) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

කිසියම් අවස්ථාවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නීතිපති දප්පුල ලිවේරා අමතා එක්තරා පුද්ගලයකු අත්අඩංගුවට නොගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිය ද නීතිපතිවරයා එයට ද එකඟ නොවූ බව ද ඔහු එහිදී හෙළි කළේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ පසු ජනාධිපතිවරයා විසින් එවැනි ඉල්ලීමක් කිරීමට තරම් ප්‍රබලයකු අත්අඩංගුවට ගත්තේ නම් ඒ පාඨලී චම්පික රණවක බව බොහෝ දෙනාගේ අදහසය.

(emanisa.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්