ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපති වශයෙන් ජේෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන ස්වාමීන්වහන්සේ පත්කර ගනු  ලැබිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීම බත්තරමුල්ල, නෙළුම් මාවත, පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැත්වීණි.

 මෙම මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නිලධාරි මණ්ඩලය පත් කර ගැනීම සිදු කෙරුණු අතර ඒ අනුව නව සභාපතිවරයෙක් තෝරා ගත්තේය. සෙසු හිටපු නිලධාරීහු නැවත එම තනතුරුවලට පත් වූහ.

පක්ෂයේ නව සභාපති වශයෙන් පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමිපාණන් වහන්සේ මහසභාවේ ඒකත් ඡන්දයෙන් පත්කර ගත්හ.


අධිකරණ ක්‍රියාමාර්ගයකට යනවා - හිටපු සභාපති ජී එල්


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයට මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් එම පක්ෂයේ හිටපු සභාපති මහාචාර්ය ජී එල් පිරිස් නිවේදනයක් නිකුත්කර ඇත.

2023 අප්‍රේල් මස 22 වන දින (අද) උදෑසන රැස් වූ "මහා සභාව" කිසිසේත් නිත්‍යානුකුල නොවන බව පවසන හිටපු සභාපතිවරයා,එම රැස්වීමේ ගන්නා ලද සියලු තීරණ ශුන්‍ය හා ක්‍රියාවිරහිත වන බවත්, ඒවාට කිසිම වලංගුභාවයක් නොමැති බවත් කියා සිටියි.

එම තීරණ නීති විරෝධී බව ප්‍රකාශ කිරීම සඳහා සුදුසු අධිකරණ ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බව මහාචාර්ය ජී.එල්.පිරිස් එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.


Media release
2023 April 22

The so-called “Maha Sabhawa” which met this morning, is not a duly constituted body at all. All decisions made at this purported meeting are null and void, and lacking in any semblance of validity. Prof.G.L.Peiris states that appropriate judicial proceedings will be instituted to declare these decisions invalid.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්