එක්ස්ප්‍රස් පර්ල් නෞකාව (MV -X Press Pearl ) ගිනි ගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම සඳහා වූ අවසන් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබන සතියේදී භාර දෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.



එහි සභාපති අසේල රැකව 'නෙත් නිවුස්' කළ විමසීමකදී පැවසුවේ සිය අධිකාරිය විසින් මීට පෙර වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළද එහි පැවති අඩුපාඩු සකස් කර යළි වාර්තාවක් ලබා දෙන බවයි.


සිය වාර්තාව නිතිපති දෙපාර්තමේන්තුව වෙත ලබා දිමෙන් අනතුරුව වන්දි ලබා ගැනීම සඳහා නඩු පැවරීමට අවස්ථාව ලැබෙන බව එහිදී ප්‍රකාශ විය.


මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති අසේල රැකව මෙසේ පැවසිය.


කෙසේ වෙතත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර 'නෙත් නිවුස්' රතු කට්ට විශේෂාංගයට එක් වෙමින් ඊයේ කියා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි ලබා ගැනීම සඳහා මෙරටදී නඩු පැවරීමට අවස්ථාව පවතින බවයි.

එවන් පසුබිමක් තුළ සිංගප්පූරුවේදී වන්දි ලබා ගැනීම සඳහා වූ නඩුව පැවරීමෙන් ශ්‍රී ලංකාවට අහිතකර ප්‍රතිඵලවලට මුහුණ දිමට සිදු විය හැකි බවද ඇය පෙන්වා දුන්නාය.


''වන්දි නඩු පැවරීම ප්‍රමාදයකින් තොරව සිදු කරනවා'' - අධිකරණ ඇමති
 

මේ අතර  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ, විජයදාස රාජපක්ෂ පැවසුයේ, MV -X Press Pearl නෞකාවේ ඇති වු  ගින්නෙන් මෙරටට සිදු වු හානිය සම්බන්ධයෙන් නඩු පැවරීම ඊට අදාළ කාලය ඉක්මවා යාමට පෙර විධිමත් අයුරින් සිදු කරන බවත්, නඩු පැවරීමේ කටයුතු මන්දගාමී බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ය.

නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු හානිය සම්බන්ධයෙන් නඩු පැවරීම පිළිබදව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් අධිකරණ අමාත්‍යවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.

එම කටයුතු  විවිධ හේතුන් නිසාවෙන් මන්දගාමීව සිදු වන බව තමාට නිරීක්ෂණය වු  බැවින් තමන් එයට මැදිහත් වු බව සදහන් කළ අමාත්‍යවරයා, මෙහි වන්දි ලබා ගැනීම තක්සේරු කිරීම සදහා විශේෂඥයින් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සකස් කළ වාර්තාව පසුගිය වසරේ සැප්තැම්බර් මස 23 වන දිනට පෙර ලබා දෙන බවට තමන්ට පොරොන්දු වු නමුත් වාර්තාව ලබා දෙනු ලැබුයේ මෙම වසරේ ජනවාරි මස මැද භාගයේ වු බැවින් එම වාර්තාව අදාළ නෛතික කටයුතු සදහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බව වැඩිදුරටත් සදහන් කළේය.
 
 
අදාළ වන්දි ලබා ගැනීම සදහා නඩු පැවරීමේ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව හා මේ පිළිබදව ජාත්‍යන්තර වශයෙන් කටයුතු කරනු ලබන විදේශ නීතිඥ ආයතන සමග එක්ව සිදු කරමින් පවතින අතර, මේ සදහා ඇතැම් පුද්ගලයින් විසින් අල්ලස් ලබා ගෙන ඇති බවට පැමිණිලි ලැබි ඇති බැවින් අල්ලස් ලබා ගෙන ඇති ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අතර, එම පුද්ගලයින්ගේ නම්, බැංකු ගිණුම්, ස්ථාන ඇතුළු තොරතුරු සම්බන්ධව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
 
 
කාලාවරෝදය සම්බන්ධව පවතින නීතිමය තත්වය අනුව නඩු පැවරීමට අදාළ කාලය ඉක්මවා යාමට පෙර වන්දි ලබා ගැනීම පිළිබදව නඩු පැවරීම සිදු කරන බැවින් ඒ පිළිබදව ගැටළුවක් ඇති කර නොගත යුතු බව අවධාරණය කළ අධිකරණ අමාත්‍යවරයා,  වැඩිදුරටත් සදහන් කළේ මීට වඩා බරපතල නඩු සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් කටයුතු කර ඇති බවයි.

X Press Pearl නෞකාවේ ඇතිවු ගින්නෙන් මෙරටට සිදු වු හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට අදාළ නඩු පැවරීමේ කටයුතු සාගරය පිළිබදව විශේෂඥ දැනුමක් ඇති නිතිපති දෙපාර්තමේන්තු දක්ෂ නිලධාරීන් විසින් කර ගෙන යනු ලබන බැවින් නඩු පැවරීම සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇති කර ගත යුතු නොමැති බව ද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


සබැඳි පුවත් :
 
සමාජ මාධ්‍යවේදී හදුන්ගොඩට එරෙහිව CID විමර්ශනයක්

එක්ස්ප්‍රස් පර්ල් : ගිනිගත් නැවෙන් වන්දි ගන්න සිංගප්පුරු යෑම ලංකාවට අවාසි ද?

මහ සයුරට වස විස එක් කළ 'එක්ස්ප්‍රස් පර්ල්' වන්දිය අහිමි වෙයි ද?

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි නඩුව සිංගප්පූරුවට ගෙනයාම සැක කටයුතුයි!

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි නඩුව : පාර්ලිමේන්තු කාරක සභාවක අවධානය

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැටුම : නඩුව සිංගප්පූරුවට

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image