එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද මහනුවර පැවති ජනතා විමුක්ති පෙරමුණේ කොට්ඨාස නියෝජිතයින්ගේ හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු මෙසේ සඳහන් කළේය.

"මහ රෑ ගෙදරකට ඇවිල්ලා චම්පිකව ඇරන් යන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. යමක් කරන විදිහක් තියෙනවා..ඒ විදිහට පිටින් මේක සිද්ධ වුණේ.. ඒකට අපි එකඟවෙන්නේ නෑ.. එතුමාට පහුවදාට පොලීසියට එන්න කිව්වා නම් එතුමා එනවා.මේක දේශපාලන වුවමනාවක් පදනම් කරගෙන කරලා කියලා පේනවා. 

අනිවාර්යයෙන්ම මේක දේශපාලන පළිගැනීමක් හා දේශපාලන බලපෑමක් පදනම් කරගෙන තමයි මේ සිද්ධිය මතුකරලා අරගෙන තියෙන්නේ.”

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්