ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධානියෙකුගේ ලිංගික බලපෑම් නිසා සිය රැකියාව හැර ගිය බව කියන

ප්‍රවෘත්ති සන්නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍ර, ඒ සම්බන්ධයෙන්   අමාත්‍යාංශ මට්ටටමින් මෙතෙක් කිසිඳු පැමිණිල්ලක් ඉදිරිපත් කර නැති නමුත් ආයතනික වශයෙන් පුලුල් විමර්ශන කටයුත්තක් ආරම්භ කර ඇතැයි ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන අද (25)  පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ 'නිදහස් මාධ්‍ය ව්‍යාපාරය' විසින් ඉෂාරා දේවේන්ද්‍රට සිදු වී ඇති ලිංගික බලපෑම සම්බන්ධව ජනාධිපතිවරයාට යැවූ ලිපියක් පාදක කරගනිමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කුමාරි කවිරත්න ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

පාර්ලිමේන්තු කාන්තා සංසදයේ උප සභාපතිනිය ලෙස ප්‍රශ්නය යොමු කරමින් ඇය කීවේ මේ සල්ලාලා නිලධාරියාව හෙළිදරව් කර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මෙසේ පැවසුවේය.


'' මෙතෙක් කිසිඳු පැමිණිල්ලක් නැහැ "

“ මේ පිළිබඳව සමාජ මාධ්‍යවල පලවන විවිධ දේ ගැන  විනය ක්‍රියාමාර්ගයක් ගන්න ඇමතිවරයෙක් හැටියට බෑ කියලා ඔබතුමියත් දන්නවා.  ඒ සිද්ධිය සම්බන්ධව අපට කිසිම පැමිණිල්ලක් ලැබිලා නෑ. ඒ නිසා මම  මේ පිළිබඳව දැනුම්වත් වූ වහාම මගේ  ලේකම්වරයාට කිව්වා අදාල පාර්ශවයන්ට කතා කරලා පැමිණිල්ලක් ඉල්ල ගන්න කියලා.”

“අනුෂ පැල්පිට ලේකම්වරයා අදාල හානිය වුනා කියන අයට කතා කරලා අදාල හානිය උනා කියන අයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න කියලා දැන්වුවා.”

“නමුත් මේ වනවතුරු පැමිණිල්ලක් අපට ඉදිරිපත් වී නෑ. “

“ ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මේ අවස්ථාවේ සමුලුවක් සඳහා ලංකාවෙන් පිටතට ගිහින් තියනවා. එතුමා නීතිඥයෙක් නිසා ඒ පිළිබඳ අභ්‍යන්තර නිලධාරියෙකුට එරෙහි පරීක්ෂණය ඇතුළතින්ම කරන්නෙ නැතිව ඊට වඩා ස්වාධීන පිටත වඩාත් පුලුල් හා විෂයානුබද්ධ,  නිතිඥතුමියකගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියන බව දුරකථනයෙන් මට එතෙර සිට දැනුම් දුන්නා.”

“ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවත් නිතී විද්‍යාලයේ විදුහල්පති තුමත් උපදේශාත්මක සහයෝගය ලබා දෙන බව සභාපතිවරයා මට දැනුම්  දී තිබෙනවා.''



001 suda002 suda003 suda

004 suda 


සුදර්ශන එලවීමේ අභ්‍යන්තර කුමන්ත්‍රණයක් !

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ITN ආයතනයේ දීර්ග කාලයක් සේවයකළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් කලබව කියන මෙම ලිංගික බලපෑම සමාජ මාධ්‍ය ඔස්සේ උත්කර්ෂණයට නංවා ඇත්තේ, රුපවාහිනී ආයතනයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ සැලසුම්සහගත කුමන්ත්‍රණයක පියවරක් ලෙස බවයි.

ITN නාලිකාව විසින් පසුගිය අලුත් අවුරුදු  ද සංවිධානය කල වැඩසටහන් බාහිර ආයතනවලට ලබානොදී ආයතනය විසින්ම සංවිධානය කිරීම නිසා කෝපයට පත් රජයේ ඉහලම ආයතනයක පිරිසක් මෙම සිද්ධිය උපුප්පා දක්වමින් සභාපතිවරයා එම තනතුරින් ඉවත්කිරීමේ සුදානමක් පවතින බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්වේ.

සමාජ මාධ්‍ය ඔස්සේ මුදල්ගෙවා මෙම 'ලිංගික අපචාර කතාව' වයිරල් කිරීමට ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රීවරයකු මෙන්ම ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මැදිහත්ව ඇතැයි ද පැවසේ. 
 
 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image