පික්පොකට්කාරයන් හොරකම් කර "හොරා" "හොරා" කියමින් දුවනවිට මිනිස්සුත් නිර්දෝෂී මිනිස්සු පස්සේ

පන්නන එක සාමාන්‍ය දෙයක් බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා 'එක්ස්ප්‍රස් පර්ල්' නැවේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේදී අද (27) පැවසීය.

'එක්ස්ප්‍රස් පර්ල්' නැවේ සිද්ධියට තමා සම්බන්ධ කිරීමට විජයදාස රාජපක්ෂ ට කාලෙක සිට ලොකු වුවමනාවක් තිබූ බවද හෙතෙම සඳහන් කළේය.

ආචාර්ය නාලක ගොඩහේවා මෙසේද පැවසීය.

 ගරු කතානායක තුමනි,

ඊයේ මේ පාර්ලිමේන්තුව තුල අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා මගේ නම සඳහන් කරමින් කල අසත්‍ය කල ප්‍රකාශයක් නිසා මට විශාල අගතියක් සිද්ධ වී තිබෙනවා. ඒ ගැන පැහැදිලි කිරීමක් කිරීමට මම අවස්ථාව ලබා දීම ගැන ස්තූතියි.

ඊයේ විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශයක් කලා 2020 සැප්තැම්බර් මාසයේ ලංකා මුහුදු තීරය තුල අනතුරකට ලක්වූ New Diamond නෞකාව ලංකාවේ මුහුදු සීමාවෙන් ගෙනියන්නට මම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කලා කියා. මෙය වෙනත් යටි අරමුණකින් කල සාවද්‍ය ප්‍රකාශයක් ලෙස මම දකිනවා.


ඇයි මෙය සාවද්‍ය ප්‍රකාශයක් කියන්නේ ?

අධිකරණ ඇමතිතුමාම සභාගත කරනවා මේ මුදාහැරීමට අදාල නියෝගය. නාවුක හමුදාපතිට එම නියෝගය ඊ මේල් පනිවිඩයකින් ලබා දීලා තිබෙන්නේ හිටපු විදේශ ලේකම් හිටපු විදේශ ලේකම් ජයන්ත කොළඹගේ මහත්මයා. එහි පැහැදිලිවම කියනවා

"මේ අනතුරකට ලක්ව ඇති නැව ලංකාව මුහුදු තීරය තුල රඳවා තබා ගැනීමේ තිබෙනා අනතුරුදායක බව සලකා මුහුද රලු වන්නට පෙර නැව ලංකා මුහුදු තීරයෙන් ඉවත් කරනා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී ඇත" කියා. ( HE the president has directed me to inform you to release the MT New Diamond considering the potential danger of keeping the unmanned and damaged ship Sri Lankan EEZ due to deteriorating weather )



නමුත් විජේදාස රාජපක්ෂ මහත්තයාට මේක මදි. ඔහුට ඕනෑ මේකට මාව පටලවා ගන්නට. මොකද ඒ කාලේ මම වෙරල සංරක්ෂණ රාජ්‍ය ඇමති. ඒ නිසා විජේදාස රාජපක්ෂ මහත්තයා කියනවා ඔහු හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට කතා කොට මේ ගැන ඇහුවා කියා ඇත්ත නැත්ත හොයන්නට. විදේශ ලේකම්ගේ ලිඛිත නියෝගයක ඇත්ත නැත්තයි මේ ඇමතිතුමා හොයන්නේ.



ඇමතිතුමා කියනවා ගෝටාභය රාජපක්ෂ හිටපු  ජනාධිපති තුමා කීවාලු නාලක ගොඩහේවා ඇමති තුමාත් මේ ගැන ඇහුවා නමුත් එතුමා කීවා කියා නීතිපති උපදෙස් ඇරගෙන පමනයි නැව නිදහස් කල යුත්තේ කියා.

මේ ඉතිං විජේදාස රාජපක්ෂ මහතා කියන කතාවනේ. ඔහු සතුව වෙනත් කිසිම සාක්ෂියක් නෑ, ඔහුම කියන දුරකථන ඇමතුම හැර.  ඒ නිසා මාත් ඊයේ දුරකථනයෙන් කතා කලා හිටපු ජනාධිපතිතුමාට උදේ 11.50 ට. මම එතුමාගෙන් ඇහුවා ගරු විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා මෙහෙම කතාවක් කියනවා ඒක ඇත්තද කියලා. එතුමා මට කියනවා " පිස්සුද. මතක නැද්ද ඔයා ඔය නැව යවනවට කොහෙත්ම කැමති උනේ නෑනේ. මමයි කිව්වේ Foreign Secretary ටයි MEPA Chairmant ටයි නැව යවන්න අවශ්‍යනම් නීති උපදෙස් අරගෙන කරන දෙයක් කරන්න කියලා".  

ඊට පස්සෙ මම 12.21 ට කතා කලා හිටපු විදේශ ලේකම් ජයනාත් කොළඹගේට.

මොකක් ද එතුමා කිව්වේ. " Sir I do not know why they are dragging your name into this .  You  have never spoken to me anything about this ship. "සර් මම දන්නේ නෑ ඇයි මේ අය ඔබව පටලවාගන්නේ මෙයට මොකද ඔබ තුමා කිසිදු වෙලාවක මේ නැව ගැන මා සමග කතා කරලා නෑ" කියා"

මේ හේතුව නිසායි මම කීවේ මේක සාවද්‍ය ප්‍රකාශයක් කියා.

ජයන්ත කොළබගේ මහතා තවදුරටත් මට කීවා මේ නැව තෙල් මෙට්‍රික් ටොන් 270,000 තිබුන විශාල නැවක් නිසා එය  ලංකා මුහුදු සීමාව තුල තිබියදී තෙල් කාන්දුවක් පටන් ගත්තානම් අපට විශාල හානියක් වෙන්න ඉඩ තිබුනා කියා. ඒ නිසා විය යුතුයි නැව හැකි ඉක්මනින් ලංකා මුහුදු තීරයෙන් එලියට ගෙනියන්නට ඒ වෙලාවේ බලධාරීන් තීරණය කරන්නට ඇත්තේ කියල



දැන් ඕනෑම මාධ්‍ය වේදියෙකුට හෝ මංත්‍රීවරයෙකුට පුළුවන් හිටපු ජනාධිපතිතුමාගෙන් හෝ හිටපු විදේශ ලේකම් තුමාගෙන් මේ ගැන අහන්න. අවස්ථාවක් ලැබුන ගමන් අහන්න. ඕන්නම් දුරකථනයෙන්ම අහන්න. මට තේරෙන්නේ නෑ මාව මේකට පටලා ගන්න අධිකරණ ඇමතිතුමාට තියෙන අවශ්‍යතාව මොකක්ද කියල. සමහර විට මම පසුගිය දිනවල ප්‍රති ත්‍රස්ථ පනත ,X Press Pearl වන්දිය ප්‍රමාද වීම වගේ එතුමාට බලපාන විශයන් ගැන ටිකක් තදින් කතාකරපු නිසා වෙන්නත් පුලුවන්.



ඊලගට ගරු කතානායක තුමනි මම ඉතාමත්ම වැදගත් දෙයක් කියන්නට ඕනේ.

විජේදාස රාජපක්ෂ මහතා මගේ නම සඳහන් කලේ 2020 සිදුවූ New Diamnd නෞකා අනතුර සම්බන්ධයෙනුයි. මේ දිනවල ඔහුගේම ප්‍රකාශයක් නිසා විශාල ආන්දෝලනයකට ලක්ව තිබෙන  X Press Pearl නැව සම්බන්ධයෙන් නෙවෙයි.

New Diamnd හා X Press Pearl කියන්නේ නැව් දෙකක්. මේ කතාකරන්නේ  සිද්ධින් දෙකක් ගැන



බොහෝ දෙනෙක් විජේදාස රාජප්ක්ෂ මහත්මයා මා ගැන කල ප්‍රකාශය X Press Pearl එක්ක පටලගෙන තිබෙනවා.  සමහර ප්‍රධාන පුවත් පත් පවා මේ වරද කරලා තියෙනවා. X Press Pearl  නෑව ගිලෙන්නේ 2021 ජූනි මාසයේ. ඊට සති කිහිපයකට පසු මා යටතේ තිබුන වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ගරු මොහාන් සිල්වා මහතාට පවරනු ලබනවා. ඒ නිසා පසුගිය මාස 22 ක කාලය තුල මගේ කිසිම සම්බන්ධයක් මේ විශයට නෑ. වන්දි ගැනීම් ගැන කටයුතු කරන්නට අධිකරණ අමාත්‍යාවරයාගේ සභාපතීත්වයෙන් පත්කල කමිටුවේ රැස්වීමවලට ඒ නිසා මා සහභාගී වී නෑ.



X Press Pearl වන්දි සම්බන්ධයෙන් තිබෙන්නේ නීතිපති දෙපාර්තුමේන්තුවේ වැඩ ප්‍රමාද වීම ගැන ප්‍රශ්ණයක්. නඩු දාන එක ප්‍රමාද කලේ කාගේ හරි උවමනාවටද කියනා එකයි මතු වී තිබෙන ගැටලුව. එහෙනම් හොයන්න කාටද නීතිපති දෙපාර්තුමේන්තුව හසුරවන්න තරම් බලයක් තියෙන්නේ කියලා.

මට නම් එහෙම බලයක් නෑ. යහපාලන ආන්ඩුවේ බොරු චෝදනා නිසා නීතිපති දෙපාර්තුමේන්තුව මට විරුද්දව අවුරුදු 7 ක් නඩු කිව්වා. එහෙම නඩු කියලා අන්තිමේ පරාදයි. අපි කිසි විටෙක මගදි නඩු අයින් කරගන්න නීතිපති දෙපාර්තුමේන්තුවට බලපෑම් කලේ නෑ.

බලපෑම් කරන්න පුලුවන් අය හොයන්න පුලුවන් පහුගිය කාලේ නීතිපති දෙපාර්තුමේන්තුවට කියලා නඩු ඉල්ලා අස්කරගත්ත අයගේ ලයිස්තුව හොයලා බැලුවොත්.

සමහර වෙලාවට බස් එකේ පොකට් ගහන  හොරා දුවන්නේ අනුන්ට හොරා හොරා කිය කිය මොකද එතකොට මිනිස්සු දුවන්නේ වැරදි අය පස්සේ.

මේකත් ඒවගේ වැඩක්ද කියලා අපි දන්නේ නෑ.

ඒ නිසා කරුනාකර දේශපාලන යටි අරමුණු නිසා අපිව මේවාට පටලවන්න එපා.

මේවා ගැන හොයන්න ඕනෑම පරීක්ෂණයක් කරන්න. හැබැයි 2015 -2019 කාලේ කලා වගේ ප්‍රතිවාදීන්ගේ කට වහන්න බොරු පරීක්ෂ්න කරන්න, චරිත ඝාතන කරන්න එපා. අවංක චේතනාවෙන් නිවැරදිව කරන ඕනෑම පරීක්ෂණයකට අපි සහාය දෙනවා.

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්