ජර්මනියේ දේශපාලන රැකවරණ පතා සිටි දෙමළ ජාතිකයකු පිටුවහල් කිරීමට එරෙහි උද්ඝෝෂණ ව්‍යාපාරයක් විසින් ශ්‍රී ලංකා රජයට එරෙහිව වර්ග සංහාරක චෝදනා යළිත් ගෙන ඒමට කටයුතු කරමින් ඇති  ව වාර්තා වේ.



දැනට ජර්මනියේ ආගමන විගමන පොලිස්  අත්අඩංගුවේ සිටින "සුදා" නමැති දෙමළ විමුක්ති කොටි සංවිධානයට හිතවාදී හදිසියේම ලංකාවට පිටුවහල් කිරීමට ජර්මන් බලධාරීන් විසින් ගනු ලැබ ඇති තීරණයට එරෙහිව මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කෙරී තිබේ.

මීට ප්‍රථමයෙන්ද ඔහු ශ්‍රී ලංකාවට පෙරළා එවීමට ජර්මානු බලධාරීන්  උත්සාහ ගනු ලැබූ නමුත් අදාළ ගුවන් සේවාව එසේ කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම උත්සාහය ව්‍යර්ථ වී තිබේ.  එකී ප්‍රතික්ෂේප කිරීමට බල පා ඇත්තේ අදාළ දෙමළ ජාතිකයා තදබල මානසික අවපීඩනයකින් පෙලෙන බව පෙනී යාම හේතුවෙනි.

 

මෙකී පිටුවහල්කිරීමේ තීරණයට එරෙහිව සංවිධානය වී ඇති විරෝධතා ව්‍යාපාරය පදනම්ව ඇති ප්‍රධානතම තර්කය වන්නේ ලංකාවේ දෙමල ජනතාව වර්ග සංහාරයකට මුහුණ පා සිටින බවය. ඔහු පෙරළා ලංකාවට එවනු ලැබුවහොත් ඔහු අත්අඩංගූවට ගැනීමටත්, වධහිංසාවට පාත්‍ර කිරීමටත් ඉඩ ඇති බව විරෝධතා දක්වන සංවිධාන පෙන්වා දී ඇත.

 

කෙසේ වුවද, මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාරයන් ජයග්‍රහණය කළහොත් එමගින් ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවන බවටද හිතවාදින් නගන තර්කයට වලංගු බවක් ලැබෙනු ඇති බවට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධාන සැක පලකරති.

 

මුලාශ්‍රය :
Support Sutha’s right to stay! He is to be deported to Sri Lanka on the 3rd May!


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්