බ්‍රිතාන්‍යයේ 'Photo London x Hahnemühle Student Award-2023' ජායාරුප

ප්‍රදර්ශනයේ නිර්දේශිත නාමයන් අතරට ශ්‍රී ලාංකිකයකුගේ ද ජයාරූප දෙකක්  නිර්දේශවී තිබේ.

ලොවපුරා අයදුම්පත් ඉදිරිපත්කල අයදුම්කරුවන් අතරින් තෝරාගත් අයදුම්කරුවන් පස් දෙනෙකුගේ ඡායාරූප Photo London 2023 ලන්ඩන් නුවර summerset house හිදී මැයි මස 10 -14 දක්වා ප්‍රදර්ශනය කෙරේ.

මේ අවස්ථාව ඡායාරූප ශිල්පය ඉගෙන ගන්නා ශිෂ්‍යයකුට ලැබෙන ඉහළ ඇගයීමක් වන අතර ඔවුන්ගේ ඡායාරූප සමාජගත කිරීමට ලැබෙන හොඳ අවස්ථාවක් ද වෙයි.

මෙම ජයග්‍රාහී ඡායාරූප කරුවන් පස්දෙනා අතරට ලක්රුවන් රාජපක්ෂ ( Lakruwan Rajapaksha) ඉදිරිපත්කල ඡායාරූප දෙකක් ද ඇතුළත් වී ඇති අතර ඔහු එංගලන්තය London metropolitan university ය නියෝජනය කරමින් තරගයට ඉදිරිපත් විය.

ලොවපුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් තම දක්ෂතාවයන් විවිධ තලවල කැපී පෙනීම මේ අසීරු අවස්ථාවේදී අප රට වෙත අවධානය දිනා ගැනීම පවා සලස්වයි.

Rajapaksha Lakruwan 1 1536x1020 Untitled, Blue-tailed Bee-eater’s Dreams © Rajapaksha Lakruwan

Rajapaksha Lakruwan 2 1536x1020 Untitled, Blue-tailed Bee-eater’s Dreams © Rajapaksha Lakruwan


{gallery}2023 PHOTO LONDON{/gallery}


(carbonnews.lk)


මුලාශ්‍රය :

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්