කටාන හල්‍පෙ ප්‍රදේශයේ පිහිටි ඕමාන ජාතිකයකුට අයත් කම්හලට කඩාවැදී කලමනාකරුට හා ආරක්ෂකයාට පහරදී‍මේ සිද්ධිය ‍හේතුකොට‍ ගෙන

එහි ‍සේවක පිරිසට මසක වැටුප් ‍ගෙවා කම්හල මාසයකට වසා දැමීමට ගත් තීරණයක් ‍හේතු‍වෙන් එහි ‍සේවක සේවිකා‍වෝ 350 ක් පමණ ‍දෙනා විදුලි බල රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ ගේ නිවාස ඉදිරිපිට ඊයේ (08) දහවල් විරෝධතාවයක් පැවැත්විය.

රාජ්‍ය ඇමතිවරයාගේ හිතවතකු බව කියන පුද්ගලයකු‍ එම ආයතනයට කුලී පදනම මත වාහනයක් සැපයීමට ගත් උත්සාහයක් ව්‍යර්ථවීම නිසා එහි කඩා වුදුනු පිරිසක් ‍මෙ‍සේ ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධ‍යෙන් පසු දිනම පුද්ගලයන් තිදෙනකු බඩල්ගම ‍පොලිසිය අත්අඩංගුවට ගැනුනු අතර ‍මේ සිදුවීම සම්බන්ධ‍යෙන් ‍කෙ‍රෙන පරීකෂණ විධිමත් නැති බවට එල්ලවූ ‍චෝදනා නිසා පරීක්ෂණ කටයුතු රහස් ‍පොලිසියට පවරනු ලැබීය.

මේ අතර තම ආයතනයට නිසි ආරක්ෂාව සහතික ‍කෙ‍රෙන බවට රජයෙන් සහතිකයක් ලැ‍බෙන තුරු ආයතනය පවත්වා‍ගෙන යාම ගැටලුවක් බව සදහන් කරමින් ‍මෙ‍සේ ‍සේවකයන්ට මසක වැටුප් ගෙවා ඇතැයිද ‍මේ තත්ත්වය උද්ගතවූ‍යේ රාජ්‍ය ඇමතිවරයා‍ගේ බලපෑම නිසා බවට ‍චොදනා කරමින් ‍සේවක පිරිස් ඊයේ දහවල් ‍මෙ‍සේ විරෝධය දක්වනු ලැබීය.

සේවක පිරිස වි‍රෝධතා පා ගමනින් රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ ගේ හල්‍පේ පහේ කණුව ප්‍රදේශ‍යේ පිහිටි නිවාසය හා මහ ‍ගෙදර ආසන්නයටම ‍ගොස් ‍වි‍රෝධය දැක්වූහ.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කම්හලේ හිමිකාර ඕමාන ජාතික ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් ඔහුට හා කර්මාන්ත ශාලාවට උපරිම පොලිස් ආරක්ෂාවක් ලබාදෙන බවට සහතික වී ඇත.  




JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්