ඩෙංගු මර්ධන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක්ම ලබාදීමට තම පක්ෂය සුදනම්බව පොහොට්ටු පක්ෂයේ ප්‍රධානියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කර සිටියි.



තමා ඇතුළු තම පක්ෂයේ හිටපු පළාත් පාලන ප්‍රධානීන්ගේ හා පළාත් පාලන නියෝජිතයින්ගේ ද, පළාත් පාලන අපේක්ෂකයින්ගේ ද ඊට සහයෝගය ලබාදීමට කටයුතු සුදානම් කර ඇති බව ද මන්ත්‍රීවරයා කියා සිටියි.

මේ පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධනට ලිපියක් මගින් දැනුවත් කොට ඇති බව නාමල් රාජපක්ෂ පවසයි.

 

ඩෙංගු වසංගත තත්වයක් කරා වර්ධනය වීමේ දැඩි අවධානම් තත්ත්වය පිළිබඳව විශේෂ අවධානය යොමුකර, ඊට අවශ පිළියම් යෙදීම ඉතා කඩිනමින් කළයුතුව ඇති බව නාමල් රාජපක්ෂ, අගමැතිවරයා වෙත යොමුකර ඇති ලිපිය මගින් අවධාරණය කර තිබේ.

 

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් ද පළකර තිබේ.

'' අපට පසුගිය කාලවකවානුව තුල අවධානය යොමු කළයුතු අත්‍යාවශ්‍යම කාරණාවක් අතපසු වි ඇත. ඒ නිසා සමස්තයක් ලෙස අප සැමට බලපාන ඩෙංගු උණ නැවත හිස ඔසවා ඇත. එය වසංගත තත්වයක් කරා වර්ධනය වීමේ දැඩි අවධානමක් ඇත.

පළාත් පාලන ආයතන විසුරුවා හැර ඇති කාලසීමාවක වුවත් පළාත් පාලන නිලධාරීන් දැනුවත් කර, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඇතුලු සෞඛ්‍ය අංශ ද සම්බන්ධ කරගනිමින් ඒ හරහා පරිසරය පිරිසිදු කිරීමට ජනතාව දැනුවත් කිරීම ආදි කඩිනම් වැඩපිළිවෙළක් සමගින් ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට ඉතා ඉක්මනින් කටයුතු කල යුතුය.

මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් මා ඇතුළු මාගේ පක්ෂයේ හිටපු පළාත් පාලන ප්‍රධානීන්ගේ හා පළාත් පාලන නියෝජිතයින්ගේ ද, පළාත් පාලන අපේක්ෂකයින්ගේ ද සහයෝගය ලබාදීමට කටයුතු සුදානම් කර ඇත.

අනෙකා ගැන හිතන, අනෙකාට ආදරය කරන ගුණදම් පිරි තරුණ පරපුරක් නිර්මාණය කිරිම අත්‍යාවශ්‍ය කරුණක්. සුපිරිසිදු වු සුරක්ෂිත රටක් වෙනුවෙන් නගර පිරිසිදුව තබා ගැනිම සඳහා නිර්මාණය කළ වැඩසටහනක් තරුණ කටයුතු අමාත්‍යාවරයා වශයෙන් කටයුතු කළ සමයේ තරුණ සේවා සභාවේ යෞවන සමාජ සමාජිකයින් සමඟින් හදුන්වා දෙන ලදි.''

NR 23511

PHOTO 2023 05 11 15 44 03 1

PHOTO 2023 05 11 15 44 04 2

PHOTO 2023 05 11 15 44 05

PHOTO 2023 05 11 15 44 04 1

 
ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීම සඳහා  සියලු පූර්වාරක්ෂක පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපතිවරයා ගේ උපදෙස් පරිදි, ජනාධිපති ලේකම්වරයා විසින් සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම් දී තිබේ. පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට උපරිම සහයෝගය ලබා දෙන ලෙස හමුදාවට සහ පොලිසියට ද  උපදෙස් ලබා දී ඇත.
 

 
JW
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්