තමන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍ර අවලංගු කිරීමට ආගමන හා විගමන පාලකවරයා ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස

ඉල්ලා මෙරට රැඳී සිටින බ්‍රිතාන්‍ය ජාතික තරුණියක වන කිලී ෆීසර් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවක් ගෙවන ලෙස ඇයට නියෝග කළේය.

නඩු ගාස්තු අය කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් විවෘත අධිකරණයේ දී නීතිපතිවරයාට නියම කරනු ලැබීය.

එස්. තුරයි රාජා, අචල වෙංගප්පූලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

මෙම පෙත්සම මීට පෙර සලකා බැලූ අවස්ථාවේදී එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා ද සිල්වා මූලික විරෝධතා මතු කර තිබුණා.

SEI 117886083

වීසා අවලංගු වූ බ්‍රිතාන්‍ය තරුණියට මොකද වුණේ ?



වීසා අවලංගු කර සිටින බ්‍රිතාන්‍යය තරුණියක වන කේලි ෆ්‍රේසර් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව මිට ඉහතදී පැවසීය.

2022 අගෝස්තු 15 වැනිදායින් ඇයගේ වීසා කාලසීමාව අවලංගු විය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව 2022 අගෝස්තු 26 වැනිදා බීබීසී සිංහල සේවයට සඳහන් කළේ ස්ථාන කිහිපයකම සොයා බැලුවද මෙතෙක් ඇය සිටින ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වූ බවයි.

ඇය සොයා විමර්ශන ක්‍රියාත්මක බවද මාධ්‍ය ප්‍රකාශකවරිය සඳහන් කළාය.

"වීසා නැතිව ඉඳීම වරදක්" ඇය කියා සිටියාය.

අරගලය පිළිබඳ Instagram ඔස්සේ වාර්තා කළ මෙම බ්‍රිතාන්‍යය තරුණියගේ විදෙස් ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයට ගැනීමෙන් පසු පැවැත්වු විමර්ෂණයකින් අනතුරුව ඇයගේ වීසා අවලංගු කෙරිණි. ඒ , වීසා කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙනි.

අනතුරුව තමාව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා කේලි ෆ්‍රේසර් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනුකළ අතර 2022 අගෝස්තු 16 වැනිදා පෙත්සම ප්‍රතික්ෂේප කෙරිණ.

කෙසේ වෙතත් ඇය ඊට සති කිහිපයකට පෙර සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් අනාවරණය කර තිබුණේ ඇය මෙරටට පැමිණි මුල් අවස්ථාවේදී වැලිගම ප්‍රදේශයේ හෝටලයක දී අයව ලිංගික අපයෝජනයකට ලක් වූ බවටයි.

ඒ සම්බන්ධයෙන් තමා පොලිසියට පැමිණිලි කළ බවත්, පොලිසිය කළ කැඳවීමකට අනුව පොලීසිය වෙත ගිය අවස්ථාවේදී පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙසට තමාට බලපෑම් කළ බවටත් ඇය චෝදනා කර සිටියාය.

එවැනි අපයෝජනයක් සිදු නොවූ බවට ලිපියක් ලබා දෙන ලෙසට තමාට බලපෑම් එල්ල වූ බවද ඇය එම වීඩියෝ සඳහන් කර තිබුණි.

 126182612 insta2


අභියාචනාධිකරණය පෙත්සම ප්‍රතික්ෂේප කළේ ඇයි ?




ඒ, පෙත්සම විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවක් කරුණු ඉදිරිපත් කිරීමට පෙත්සම්කාරිය අපොහොසත් වී ඇති බවට තීරණය කරමිනි.

ඒ අනුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසට කර තිබූ ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කර සිටියේ ය.

අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා හමුවේ පෙත්සම කැඳවනු ලැබිණ.

හේතුවක් නොදක්වා වුව ද වීසා අවලංගු කිරීමට හෝ අවසන් කිරීමට අභිමතානුසාරී බලයක් ආගමන හා විගමන පාලකවරයාට ඇති බවට ‍ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මඟින් තහවුරු කර ඇති බව විනිසුරුවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.

පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ නාගාහනන්ද කොඩිතුවක්කු හා නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ අමසරා ගජධීර ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම ප්‍රතික්ෂේප කෙරුණි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණි.

පෙත්සම්කාරිය පෙන්වා දී තිබුණේ, ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් තමන් සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අත්තනෝමතික ලෙස අවලංගු කිරීමට කටයුතු කර ඇති බවයි.

කිසිදු සාධාරණ පදනමක් නොමැතිව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ගනු ලැබූ තීරණය නීති විරෝධීයැ යි තීන්දුකොට, එය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය 2022 අගෝස්තු 12 වැනිදා අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයගේ වීසා බලපත්‍රය අවලංගු කරනු ලැබුවේ පසුගියදා කරන ලද විමර්ශනයකින් අනතුරුවය.


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙතනින් බලන්න



ජනපති රනිල් කලින් කිව්වේ කුමක්ද?


කෙසේවුවද පසුගිය මැයි මස 19 වැනිදා බ්‍රිතාන්‍යයේ ස්කයි රූපවාහිනි සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ මෙරට සංචාරය කරන විදේශකයින්ට අවශ්‍ය නම් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ වුවද නිරතවිය හැකි බවයි.

 VTshot 2023 05 13 at 12.19.32 PM


 
ජන අරගලයට විදේශිකයන් ද එක්වෙයි ''GO HOME GOTA...GO TO GO TO GO''
 
(උපුටා ගැනීම - BBC සිංහල සේවය)
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්