ඉන්දීය දේශපාලනයේ තීරණාත්මක මැතිවරණයක ප්‍රතිඵලය ඊයේ නිකුත් විය.



මැතිවරණය මැයි දහවෙනිදා පැවති අතර බලයේ සිටි භාරතීය ජනතා පක්ෂයට විශාල පරාජයක් අත්වී තිබේ.    

ඒ, තව වසරක කාලයකින් ඉන්දීය මහ මැතිවරණයට දින නියම වී තිබියදීය.

කර්ණාටක ඉතිහාසයේ වැඩිම ඡන්ද භාවිතාවක් සිදු වූ ප්‍රාන්ත මැතිවරණය මෙයයි (73.19%). එසේම ඡන්දය ප්‍රතික්ෂේප කිරීම ද (NOTA) 0.70% පමණක් විය.

මිලියන 52ක ලියා පදිංචි ඡන්ද දායක සංඛ්‍යාවක් ඇති කර්ණාටක ප්‍රාන්තයේ ඉන්දියානු කොම්පස් ඒ මැතිවරණය ජයග්‍රහණය කළේ ආසන 135 ක් දිනාගනිමින් ගියවර ට වඩා ආසන 55ක් ජය ගනිමිනි. ලබාගත් ඡන්ද ප්‍රතිශතය 42,88 %කි .

karna

භාරතීය ජනතා පක්ෂය ආසන්න හැට හයක් ජයගත් අතර එය ගියවර ට වඩා ආසන 38 ක අඩුවීමකි ,(36%) කර්ණාටක ප්‍රාන්තයේ සවිමත් පක්ෂයක් වන ජනතා දාල් පක්ෂය ආසන දහනමයක් ජය ගත් අතර එය ගිය වරට වඩා ආසන 18 ක අඩුවීමකි. ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය 13.29%කි.

මෙම මැතිවරණයේදී  ප්‍රාන්තයේ පාලනයේ සිටි භාරතීය ජනතා පක්ෂය ‍අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමිත් ෂා ගේ නායකත්වයෙන් දැවැන්ත රැළි හා රථ පෙළපාලි ඇතුළත් ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කළ ද අවසානයේ එය අසාර්ථක වී ඇත.

ලබන වසරේ මහ මැතිවරණයේදී හින්දු ජාතිකවාදය මත පදනම් ව සිදුකෙරෙන අගමැති මෝදිගේ ‍ප්‍රචාරණ ව්‍යාපෘතියට මෙම පරාජය සෘජුවම බලපානු ඇත.

මේ වන විට විපක්ෂයේ පුළුල් සන්ධානයක් පිළිබඳවද ඉන්දියාවේ දේශපාලන පක්ෂ අතර සාකච්ඡා  ආරම්භ වී ඇත. බටහිර බෙංගාල මහ ඇමතිනිය වන මමතා බැනර්ජි මෙම සාකච්ඡාවල පෙරමුණ ගෙන සිටියි.

හින්දු භක්තිකයන් වූ ශිව දෙවියන් අදහන ලින්ගායත් කුලයේ ඡන්ද මෙම මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයෙන් සහ ජනතා දාල් පක්ෂවලින් ගිලිහී ඉන්දීය කොංග්‍රසයට ලැබී ඇත.

එසේම මුස්ලිම් අපේක්ෂකයන් නම දෙනෙකු කොන්ග්‍රස් පක්ෂයෙන් ජයග්‍රහණය කොට ඇති අතර සුළු ජාතික ඡන්ද පදනමක් භාරතීය ජනතා පක්ෂයට නොමැත.  කර්ණාටක ප්‍රාන්තයේ 13 %ක මුස්ලිම් ඡන්දදායකයන් සිටින අතර සමස්ත ඉන්දියාවේ එම ප්‍රතිශතය සියයට 14.2%කි.

හිජාබය පළඳින මුස්ලිම් ශිෂ්‍යාවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය පසුගිය කාලසීමාවේ කර්ණාටක ප්‍රාන්තයේ දී දැකගත හැකි විය. මහ මැතිවරණය ආසන්න වෙද්දී වඩ වඩාත් හින්දු ජාතිකවාදී ප්‍රවණතාවයෙන් යුතු ‍ ප්‍රචාරණයන් ඉදිරියට එනු ඇති බවට මෙම ප්‍රතිඵලය අනුව අපේක්ෂා කළ හැකිය.


සටහන :
Rasanga(නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්