නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ජනාධිපති වික්‍රමසිංහ ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම්දෙනු ලැබිය.


ඒ අනුව උතුර - නැගෙනහිර සහ වයඹ පළාත්වල නව ආණ්ඩුකාරවරු ජනාධිපති වික්‍රමසිංහ ඉදිරියේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (17) දිවුරුම් දුන්නේය.

වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා පී.එස්.එම් චාල්ස්, නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමාන් එසේ දිව්රුම් දෙනු ලැබිය.

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් වල ආණ්ඩුකාරවරුන් ඉකුත් 15 දා සිට බලපැවැත්වෙන පරිදි ඉවත්කළ බව ජනාධිපති කාර්යාලය පසුගිය 16 වැනිදා නිවේදනය කළේය.

උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස ජීවන් ත්‍යාගරාජා, නැගෙනහිර ආණ්ඩුකාර ලෙස අනුරාධා යහම්පත් සහ වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස වසන්ත කරන්නාගොඩ කටයුතු කළහ.

මේවනවිට විදේශගතව සිටින සබරගමු ආණ්ඩුකාර ටිකිරි කොබ්බැකඩුව යළි දිවයිනට පැමිණි වහාම ඔහු වෙනුවට හිටපු අමාත්‍ය නවින් දිසානායක සබරගමුව ආණ්ඩුකාර ලෙස පත්කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පී.එස්.එම් චාල්ස් මහත්මියත්, නැගෙනහිර ආණ්ඩුකාර ලෙස සෙන්දිල් තොන්ඩමන් සහ වයඹ ආණ්ඩුකාර ලෙස ලක්ෂමන් යාපා හිටපු අමාත්‍යවරුන් පත්කිරීමට නියමිත බව 'ද ලීඩර්' මැයි 15 දා වාර්තා කළේය.

WhatsApp Image 2023 05 17 at 12.37.48 PM

සබැඳි පුවත්
ආණ්ඩුකාරවරුන් තුනක් දොට්ට - චාල්ස්, ලක්ෂ්මන්යාපා හා සෙන්දිල් එයි !


JW

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්