ආදී කාලයේ අටසිය ගණන්වල සැකසු පොලිස් ආඥා පනත, නීති පද්ධතිය, උසාවි, නීතිඥ වෘත්තිය,

බන්ධනාගාරය වැනි ආයතන රටට කාලයට ඔබින පරිදි වහාම වෙනසකට ලක් කළ යුතු කාලය එළඹ ඇතැයි ගැටුම් නිරාකරන පිලිබඳ විශේෂඥයකු වන නීතිඥ ඉන්දික පෙරේරා අවධාරණය කර සිටියි.

ඔහු එබව සඳහන් කලේ ITN නාලිකාවේ විශේෂ සාකච්ජාවකට එක්වෙමිනි.

දේශපාලන හා සමාජ විශ්ලේෂකයකු වන දීප්ති කුමාර ගුණරත්න සමග සිදුකළ එම සාකච්ජාවේදී ඉන්දික පෙරේරා තවදුරටත් කියා සිටියේ, යටත් විජිත පාලකයින්ගේ උවමනාවට පිහිටුවනු ලැබූ මෙරට පොලිසිය, මහජන සේවාවක් බවට පත් කරන්නේ කෙසේද යන කාරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බවයි.  

සාකච්ජාවට ආරම්භයක් ලබාදෙමින් දීප්ති කුමාර ගුණරත්න මෙසේ විමසා සිටියේය.


පොලිසිය force එකක් වෙනුවට service එකක් කරන්නේ කොහොමද ?

'' දැන් ලංකාවේ පොලිසිය සම්බන්ධයෙන් ව්‍යුහාත්මක ගැටලුවක් තියෙනවා. මම ඒ ගැටලුව ඉදිරිපත් කරන්නම් ඔබට. මේකට දෙන්න පුලුවන් විසදුම මොකක්ද කියන එක පිලිබද විධාරණයක් කරන්නම්, දැන් මම දකින්නේ ලංකාවේ පොලිසිය කියන ආයතනය ඇත්තටම අධිරාජ්‍යවාදීන් තමා පිහිටුවේ. ඒ කියන්නේ ඒක   ආඥා පනතක් හැටියට. එතකොට ලංකාවේ යටත්විජිත පොලිසිය බොහෝ විට උත්සාහ කළේ ඒ වෙලාවේ තමන්ගේ අධිරාජ්‍යවාදී ස්වාමියාට අවශ්‍ය විදියට තමන්ගේ විජිතයෙහි සිටින මිනිසුන්ව ආණ්ඩු මට්ටු කරන්න. අපි දැන් පශ්චාත් යටත් විජිත රාජ්‍යයක් වෙලත් අවුරුදු 75ක් විතර වෙනවා. අපිට බැරිද පොලිසිය සම්බන්ධයෙන් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, ඒ අර යටත්විජිත පොලිසිය වෙනුවට ඒ  කියන්නේ මිනිස්සුන්ව ආණ්ඩු මට්ටු කරන පොලිසිය වෙනුවට  මිනිස්සුන්ට සේවාවක් සපයන පොලිසියක් කරන්න. පොලිසිය force එකක් නෙවෙයි service එකක් කරන්න අවශ්‍ය ප්‍රතිව්‍යූහගත කිරීමට ඔබ කරන යෝජනාව මොකක්ද?

දීප්තිගේ ප්‍රශ්න කිරීමට ප්‍රතිචාර දක්වමින් නීතිඥ ඉන්දික පෙරේරා මෙසේ පැවසිය.


''දැන් අපේ තියෙන පොලිස් ආඥා පනත ආදී කාලයේ අටසිය ගණන්වල ක්‍රියාත්මක වෙච්ච එකක්.''

'' ඉතාම හොඳ විශ්ලේෂණයක්. අපේ පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ පොලිස් ආඥා පනත, පොලිස් ordinence එකට අනුව.. අපි ordinence කියලා කියනවා නිදහසට පෙර තිබ්ච්ච නීති වලට. පස්සේ ගෙනාව නීතිවලට අපි පනත් කියලා කියනවා.

දැන් අපේ තියෙන පොලිස් ආඥා පනත ආදී කාලයේ අටසිය ගණන්වල ක්‍රියාත්මක වෙච්ච එකක්. හැබැයි අපිට බැරුව ගියා නිදහස ලබා ගත්තට පස්සේ අපේ නීති පද්ධතිය, උසාවි, නීතිඥ වෘත්තිය, බන්ධනාගාරය වගේ ආයතන රටට කාලයට ඔබින විදියට හදාගන්න.

බන්ධනාගාරයට, 'ප්‍රිසන්' කියලා කියන එකත් වැරදියි. ජාත්‍යන්තරව කියන්නේ කරෙක්ෂන් කියලා. කරෙක්ෂන් සෙන්ටර් කියලා. ඒ දේවල් අපිට ආපහු මුදාගන්න බැරුව ගියා. මේ දේවල් තාම තියෙන්නේ පරන යල්පැන ගිය හිරවෙච්ච තැන්වල.



''ඒකත් එක්ක දැන් අපි පොලිසිය සේවයක් බවට පත් කරන්නේ කොහොමද? සියලුම පොලිස් නීතිරීති, අදාළ ලිපි ලේඛන සකස් කිරීම් ඒ අදාළ වාර්තා ගැනීම් ඒ ආදී සියල්ල සිද්ධ වෙන්නේ පරන යටත් විජිත පාලකයින්ගේ උවමනාවට තිබ්ච්ච ක්‍රමවේද අනුව. State එකට තමයි පොලිසිය සේවාව සපයන්නේ. ජනතාවට නෙවෙයි.''




එතකොට අපි අද දකින බොහෝ ප්‍රශ්නවලට, විශේෂයෙන්ම අපි කිව්වොත් මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්න ගත්තාම, සමාජ ආශ්‍රිත ගැටලු ගත්තම, ඊළඟට මිනිස්සුන්ට අසාධාරණයක් වුනහම බොහෝ විට පොලිසියට යන්න බය වෙනවා. එතකොට තමන් අඳුරන කවුරුහරි එක්ක හරි දේශපාලඥයෙක් එක්ක හරි නැත්නම් නීතීඥයෙක් එක්ක තමයි පොලිසියට යන්නේ. එහෙම කවුරුවත් ජෝඩු දාලා පොලිසියට යන්න අවශ්‍ය නැහැ. පන්සලට, පල්ලියට යනවා වගේ පොලිසියටත් නිදහසේ යන්න එන්න පුලුවන් කම තියෙන්න ඕනේ.

නමුත් ඒ තැන නැතිවෙන්න හේතුව මේ පොලිසියේ ඉන්න අයගේ ප්‍රශ්නයක්ම නෙවෙයි. පොලිසියේ විශාල කැපවීමකින් කටයුතු කරන ඉතාමත්ම හොඳ වෘත්තීය නිලධාරීන් නිලධාරීනියන් විශාල පිරිසක් ඉන්නවා. හැබැයි ඒ අයගේ පුහුණුවේ ඉඳලා ඒ අයව ගවර්න් කරන නීතිරීති ඉඳලා සියල්ලම යල්පැන ගිය පරන ඒවා. ඒ නිසා ඒවා පුනරුත්තාපනය කරලා ඒ අයව මුදවාගන්න ඕන.

 

'' උදාහරණයක් ගත්තොත් උතුරු අයර්ලන්තයේ ඒ‌ගොල්ලන්ගේ තිබිච්ච Royal Ulster Constabulary කියන පොලිස් සම්ප්‍රදායික ආයතනය Good Friday Agreement එකත් එක්ක වෙනස් වුනා. Police Service of Northern Ireland (PSNI ) කියලා. පස්සේ ඒක සර්විස් එකක් වුනා. ඒක මිනිස්සුන්ට සේවා සපයනවා. එතකොට මීනිස්සුයි පොලිසියයි එක කොටසක් බවට පත් වුනා.''




දැන් අපේ එහෙම වෙලා නැහැ. පොලිසිය ඈතින් ඉන්නවා. ආණ්ඩුවට තමයි ලඟ. මිනිස්සු වෙනම ඈතින් ඉන්නවා. ඊට පස්සේ අපි අහනවා ඇයි මිනිස්සු පොලිසියට පැමිණිලි කරන්නේ නැත්තේ. එහෙම නැත්නම් පොලිසියට ඇයි මිනිස්සුන්ට උදව් කරන්න බැරි කියලා. එක Structure එකේ ප්‍රශ්නයක්. ඒක හදන්නේ නැතිව අපි වෙන වෙන ආලවට්ටම් දාලා ලයිට් දාලා බැලුම් බෝල එල්ලලා හරියන්නේ නැහැ.


''පොලිසියේ මල්පෝච්චි තියලා වැඩක් නැහැ, භාවනා කරලා වැඩක් නැහැ.''

පොලිස් පුහුණුවේදී මානසිකමය, ආකල්පමය වෙනසක් ඇති වෙන්නේ නැත්තේ මොකද දැන් තියෙන ආකෘතිය ඇතුලේ එහෙම එකක් අඳුරගන්නේ නැහැ. මොකද එහෙම මානසික අංගයක් අදාළ නැහැ යටත් විජිත පාලකයට සේවය කරන පොලිසියට. ඒක Humanize වෙන්න අවශ්‍ය නැහැ. පොලිසිය තියෙන්නේ නරක වැඩ කරන මිනිස්සුන්ගෙන් State එක බේරගන්න සහ යටත් විජිතය ආරක්ෂා කරගන්න සබ්ජෙක්ට් එකෙන්. එතකොට එහෙම අයට සෞම්‍ය වෙන්න ලස්සන වෙන්න ඕනේ නැහැ. එතකොට නීති ගවර්න් කරන ඒ ව්‍ය්‍යූහය හදන්නේ නැතුව එලියෙන් ඒ දේවල් කරන්න විවිධ පංති පැවැත්වුවට, මල්පෝච්චි තිබ්බට බෝඩ් ගැහුවට මොනවත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි පොලිසියට යනකොට ජෝඩු දාලා යන්න වෙන්නේ.



''අලුත්ම පනතක් ගෙනැල්ලා සම්පූර්ණයෙන්ම ස්ට්‍රක්චර් එකම වෙනස් කරන්න ඕනේ. නිල ඇඳුම් කිහිපයක් දෙන්න ඕනේ. එක එක අවස්ථාවන්වලට ගැලපෙන විවිධ වර්ණවලින් යුද හමුදාවේ තියනවා වගේ. ඇත්තටම පොලිස් නිලධාරීන් මේ කාකි ඇඳුම ඇඳගෙන අව්වේ ඉන්නේ කොහොමද? ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් බලලා නැහැනේ. කලිසම් රෙද්දෙන්ම තමයි පොලිසියේ ෂර්ට් එක මහන්නෙත්. මේ අපහසුතා එක්ක කේන්ති යනවා වැඩියි.''



මම හිතන්නේ පැරණි තැනින් යටත් විජිත පොලිසිය මේක මාරු කරනකොටම පරණ අයට පුහුණු කරලා තියෙන්නේ ශරීර පාලනය කරන්න. නමුත් දැන් අවශ්‍ය වෙන්නේ මානසිකත්වය පාලනය කරන්න. එතකොට අපි මෙහෙම ගත්තොත්, පොලිසිය සම්බන්ධ මත්ද්‍රව්‍ය කතන්දරය ගත්තම, මිනිස්සු දැන් දැන් දකිනවා නේද?

මම අහලා තියෙනවා පහුගිය කාලයේ ඩීසෙන්ඩර්ලයිස් වුනාට පස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් ඒ ජාවාරම් කාරයෝම සමාජ සේවකයෝ බවට පත්වෙනවා. එතකොට පොලිසියට වඩා මහජනයා යාලුයි මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ සමග. මේක දිගටම ගියෝත් ඔබ මට කිව්වා ඔබ ‌යෝජනා කරන්නේ, සමහර විට මේගොල්ලෝ කරන්නේ ලතින් ඇමෙරිකව සමහර රටවල්වල වගේ මේ අය පාර්ලිමේන්තු නියෝජිතයන් බවට පත් වීමට ඉඩ කඩ තියෙනවා කියලා.

ඔව් ලංකාවෙත් ඒ තත්වය ඉතා ලඟට ඇවිල්ලා ඒ තත්වය ප්‍රාදේශීය නායකයෝ හැටියට පාලකයෝ හැටියට. බොහෝ විට ඉන්නේ මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ. වෙළෙන්දෝ කියන්නේ මේ නිකන් සිල්ලර අපේ වගේ පුංචි මාකට් එකක් තියෙන නිසා අපේ ඉන්නේ පුංචි වෙළෙන්දෝ . නමුත් ඒ රටවල්වල මහා පරිමානයේ නිශ්පාදකයෝ ඉන්නවා. ඒගොල්ලන්ට ඕනේ විදිහට තමයි ස්ටේට් පොලිසිය හදාගන්නේ. ඒගොල්ලන්ට ඕනේ විදිහට ඒ අය ජනතාවට සල්ලි බෙදනවා. ඒගොල්ලෝ රොබින් හුඩ්ලා වගේ ඉන්නේ. මිනිස්සු ව්‍යූහාත්මකව ඒගොල්ලන්ට ලඟයි යුක්තිය ඉෂ්ඨ කරගන්න ගියහම පොලිසියට වඩා. ඒක නිසා තමන් අසාධාරණයක් වුනහම ඒගොල්ලෝ Drug lord ගාවට ගිහිල්ලා තමයි තමන්ට විසදුමක් ඉල්ලන්නේ. ඒක ඉතා නරක තත්වයක්.  

අපිත් යම් දුරකට අලුත් පනත් ගෙනැල්ලා දැන් තියෙන මේ දරදඬු පරන නීති වෙනස් කරලා පොලිසිය මුදවාගත්තේ නැත්නම් අපිත් ඒ පැත්තට යනවා. ඒක නිසා ඒක ඉක්මනට වෙන්න ඕනේ වැඩක් හැබැයි Consultative  process එකක් හරහා. මේ පිළිබඳ දැනට ඉන්න පොලිසියේ කණ්ඩායම්, ජාත්‍යන්තර International best practices හරහා, පාර්ලිමේන්තුව හරහා තොරතුරු අරගෙන මේක කරනවා නම් තමයි හොඳ.
 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්