හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකු නිදහස් කරන ලෙස

කොළඹ මහාධිකරණය අද නියම කළේය.

ඒ, ඔහු වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවා රජයට පාඩුවක් සිදුකළ බවට එල්ලවූ චෝදනාවලට අදාළවයි.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ  විසින් එම තීන්දුව ලබා දුන්නේය.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් විසින් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබිණ.

එම මූලික විරෝධතාව පිළිගත් විනිසුරුවරයා අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් යන අය නිදහස් කරන ලෙසට නියෝග කළේය. 

 

 

JW

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image