කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ කැළණිය විශ්ව විද්‍යාලයේ

උපකුලපතිවරුන් ඇතුලු මහාචාර්යවරුන් පිරිසක් පිළිවෙලින් පසුගිය මැයි 16,17,18 දිනයන් වලදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමග සාකච්ජාවලට සහභාගී වී ඇත.

මෙම හමුවන් සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න සහ බස්නාහිර පළාත්භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්න්කෝන් ඇතුලු නිළධාරීන් ද සහාභාගී වී තිබේ.

මැයි 16 දින කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වන ජේෂ්ඨ කතිකාචාර්ය එච්.ඩී කරුණාරත්න සමග තවත් ජේෂ්ඨ මහාචාර්යවරුන් පිරිසක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී ඇමතිවරයා හමුවිය.

මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් මුහුණපාන ගැටලු සම්බන්ධව දීර්ඝව සාකච්ඡා කර ඇත.



ටිරාන් අලස් අමාත්‍යවරයා කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන්ගේ වර්තමාන ආරක්ෂක තත්වය පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂාව තවත් තර කරදෙන ලෙස උපකුලපතිවරයා ඉල්ලීමක් කර තිබේ. එහිදී කොළඹ විශ්වවිද්‍යාලය අසල රාත්‍රි මුර සංචාර වැඩිකිරීමට කටයුතු කරන මෙන් ඇමතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.


උපකුලපතිවරයා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවන හොරකම් වැඩි බව සඳහන් කර ඇති අතර, එහිදී පොලිස්පතිවරයා සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විශ්වවිද්‍යාලය තුල ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පෙන්වා දී තිබේ.

මැයි  17දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වන කතිකාචාර්ය උපුල් සුභසිංහ ඇතුලු මහාචාර්යවරුන් පිරිසක් ටිරාන් අලස් අමාත්‍යවරයා හමුවී ඇත. මෙහිදී ද ජයවර්ධනපුර ශිෂ්‍යයාවන්ගේ නේවසිකාගාර අසල ආරක්ෂක තත්ත්වය වැඩි කර දෙන එහි උපකුලපතිවරයා ඉල්ලීමක් කර තිබේ. එහිදී ද ජපුර විශ්වවිද්‍යාලය අසල ආරක්ෂක මුර සංචාර ගණන වැඩි කිරීමටද අවශ්‍ය පියවර ගෙන ඇත. විශ්ව විද්‍යාල ශිෂ්‍යන් පෙරට වඩා අධ්‍යාපන කටයුතු සඳහා ඉතා උනන්දුවක් දක්වන බවද මෙහිදී උපකුලපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මැයි 18 දින කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරිය වන ජේෂ්ඨ කතිකාචාර්ය නිලන්ති ද සිල්වා ඇතුලු මහාචාර්යවරුන් පිරිසක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පවත්වා තිබිණ. මෙහිදී විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ ආරක්ෂාව පිලිබඳව විශේෂ අවධානයක්  යොමු කර ඇත.

සිසුන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවල පලවන වාර්තා සම්බන්ධයෙන් අමාත්‍යවරයා කළ විමසීමේදී  උපකුලපතිවරිය පවසා ඇත්තේ, අයිස් මත්ද්‍රව්‍ය විශ්වවිද්‍යාලයෙන් තුරන් කිරීමට හැකිව ඇති බවයි.

තවද විශ්වවිද්‍යාලයේ පරිශ්‍රය තුළ සිදුවන හොරකම් වැඩිවීමක් පෙන්නුම් කරන බවද උපකුලපතිවරිය සඳහන් කර ඇත.

කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂාව තර කරන මෙන් එහිදී උපකුලපතිවරයා ඉල්ලා ඇති අතර ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂාව වැඩි කිරීමට කටයුතු කරන ලෙස ඇමතිවරයා, පොලිස්පතිට නියෝග කර ඇත. 

{gallery}Public Safety{/gallery}

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්