පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් රත්‍රං කිලෝ තුනහමාරක් සමග කටුනායක ගුවන් තොටුපළේදී රේගු භාරයට ගෙන ඇත.

මැදපෙරදිග සිට අද පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.


මේවනවිට අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා ගුවන් තොටුපලේ රඳවා ගෙන රේගු නිලධාරීන් විසින් ප්‍රශ්න කරමින් සිටි බව වාර්තාවේ.

ඔහු සන්තකයේ තිබී කිලෝ දෙකහමාරක රත්රන් බිස්කට් සහ කිලෝවක රන් ආභරණ හසුව  ඇත.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මෙවර පාර්ලිමේන්තුවට පත්වුයේ එක්සත් මුස්ලිම් සන්ධානය නියෝජනය කරමිනි. මේවනවිට මෙම මන්ත්‍රීවරයා කල්පිටිය හා පුත්තලම ප්‍රදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ලෙස කටයුතු කරයි.




JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්