තමා අනිවාර්යයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ

හිටපු සභාපති ජනක රත්නායක අවධාරණය කර සිටියි.

තමාව සභාපති ධුරයෙන් ඉවත් කිරීම පෞද්ගලිකව තමා ලද පරාජයක් නොව ලක්ෂ 225 ක් වූ ශ්‍රී  ලාංකීය ජනතාව ලැබූ පරාජයක් බව ද ඔහු කියා සිටියි.

අද (24) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

තමා ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් මහජනතාව වෙනුවෙන් කතා කරන නිලධාරීන්ට අත්වන ඉරණම පිළිබඳ සත්‍ය අවබෝධ කරගැනීමට ජනතාවට අවස්ථාවක් ලැබුණ බව ද ඔහු එහිදී පැවසිය.

අසාධාරණ ලෙස විදුලි බිල ඉහළ දැමීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් තමා දිගින් දිගටම ජනතා වෙනුවෙන් සටන් කළ බවත් ඊට එරෙහිව පාර්ලිමේන්තුවේ 123 ක් තමා ඉවත් කිරීමට තීන්දු කළ බවත් ඔහු සදහන් කළේය.

ජනතාව වෙනුවෙන් තමන් කළ සේවය අගැයීමට පත්කරමින් තමා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිය පළකරන බවත් ඔහු තවදුරටත් කීවේය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළේ ය.

"මේ පරාජය මගේ එකක් නෙමෙයි. මේක සමස්ත ජනතාවටම අත්වූ පරාජයක්. මේ ඉවත් කිරීම ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මගේ පුටුව, මේසය සේරම අරගෙන යනවා. ඒවා ඊයෙම මම ගලවගත්තා. මම හිතන්නේ මේක අනාගතයේ රජයක් ගැනීම සඳහා මූලික පියවර තැබීමක්. මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට එනවා. කියලා ඉවරයි." 

 
ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන ලෙස ප්‍රකට නාහිමිවරුන් කිහිපනමකගෙන්ම ජනක රත්නායකට ආරාධනා ලැබී ඇතැයි වාර්තාවේ.

ජනක රත්නායකගේ ඉදිරි දේශපාලන ප්‍රවේශය සම්බන්ධයෙන් මිට දින කිහිපයකට පෙර 'ලීඩර් TV' වීඩියෝවක් මගින් අනාවරණය කර තිබිණ.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්