පක්ෂයේ තීරණයට පිටුපාමින්, මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සමගි ජනබලවේගයේ අවධානය යොමුව ඇත.


පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගන්නා බවයි.

අදාළ ඡන්ද විමසීමේදී වඩිවෙල් සුරේෂ්ට අමතරව සමගි ජන බලවේගයේ නියෝජනය කරන කුමාර වෙල්ගම හා ඒ.එච්.එම්. ෆවුසි ද ආණ්ඩුව ගෙනආ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ (24) වැඩි ඡන්ද 46 කින් සම්මත විය.

''වසලයෝ කවුද බ්‍රාහ්මණයෝ කවුද රටම දැන ගත්තා''

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා අස් කිරීමට ඊයේ (24) පැවති ඡන්ද විමසීමේදී මහජන නියෝජිතයින් හැසිරුණු ආකාරය අනුව ජනතාවගේ පැත්තේ ඉන්නේ කවුද, දුර්දාන්ත ආණ්ඩුව පැත්තෙන් නේ කවුද යන්න රටටම හෙළිදරව් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.


 

 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image