ආණ්ඩුවට හිතවත් ප්‍රකට ව්‍යාපාරිකයින් 10 දෙනෙකු රාජ්‍ය බැංකු වෙත ගෙවීමට ඇති ණය කපාහැරීමේ තීරණයක්
ගෙන ඇති බවට පළවන වාර්තාවන් අසත්‍ය බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙසේ සඳහන් කළේය.

"මිතුරන් සඳහා බැංකු ණය කපාහැරීමට සිද්ධවෙනවා කියලා කතාවක් කුමාර වෙල්ගම මහතා කියලා තිබුණා මම දැක්කා. ඒක මේ වගේ වෙලාවක ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. හැම කෙනෙක්ම මේ පොලිය වැඩිකිරීම මත, ආදායම අඩුවීම මත තමන්ගේ බලාපොරොත්තු වෙච්ච ව්‍යාපාර ප්‍රසාරණය අඩුවීම මත, බැංකු ණය පැත්තෙන් යම්කිසි පීඩනයක ව්‍යාපාරිකයින් ඉන්න මොහොතක.

එතුමා ප්‍රකාශ කරලා තියෙනවා මිතුරන් 10 දෙනෙකුට විශේෂ අවස්ථාවක් දෙන්න සූදානම් කියලා. ඒ නිසා මම වහාම මේ ගැන හොයා බැලුවා. ලංකා බැංකුවට කතා කළා, මහජන බැංකුවට කතා කළා. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට කතාකළා, ඉතිරිකිරීමේ බැංකුවට කතාකළා, මහාභාණ්ඩාගාර ලේකම්වරයාට කතාකළා. මේක හරි භයානක දෙයක් නේ මෙහෙම වෙනවා නම්. එහෙම දෙයක් කතාකරලා නෑ සභාපතිතුමනි. එහෙම වැඩසටහනකුත් නෑ, එහෙම සිතුවිල්ලකුත් නෑ, එහෙම කතාබහකුත් නෑ, එහෙම තීන්දුවකුත් නෑ,

මේ මේ ප්‍රධාන බැංකු දෙකෙන් ප්‍රකාශ දෙකකුත් ගෙන්නාගත්තා. සමස්ථ ගණුදෙනුකරුවන් බැංකු ණයෙන් හිරවෙලා ඉන්න මොහොතක අපි කියනවා නම් කිහිපදෙනෙකුට සහනයක් දෙන්න යනවා කියලා. ඒක මේ රටේ සියලුම බැංකු ගණුදෙනුකරුවෙකුටම මහා පීඩනයක් ගෙනදෙන කතාවක්. මම බොහොම වගකීමෙන් කියනවා අනාගතයේදීවත් එහෙම දෙයක් කරන්න අපි බලාපොරොත්තුවෙන්නේ නෑ."


සබැඳි පුවත් :
 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image