බලන්ගොඩ කස්සප හිමියන් විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශයකින් තමන්ට සහ තම පවුලේ සාමාජිකයින්ට

මරණිය තර්ජන එල්ලවී ඇතැයි පවසමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික කන්දසාමි අන්නමලේ සුජිත් ප්‍රියන්ත (සුජිත් අන්නමලේ) විසින් පොලිස්පතිවරයා වෙත අද (31) දින පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පෞද්ගලික ආරක්ෂාව තර්ජනයට ලක්වීම සම්බන්ධයෙන් වූ එම පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

''බලන්ගොඩ කස්සප ස්වාමින් වහන්සේ විසින් අද දින (31/05/2023) පවත්වන ලද මාධ්‍ය හමුවකදී පැවසු “ඉතින් ඒ වගේම තමයි, දැන් අරගලේ ඇතුලේ ඉඳන් කවුද මේකට උදව් කලේ සුජිත් අන්නමලේ... සුජිත් අන්නමලේ තමයි උදව් කරන්නේ කොතන ඉඳන්ද... ගෝල්ෆේස් එකේ කුස්සිය ළඟ ඒ වගේම තමයි තිබුන අර පුස්තකාලයේ මැද ඉඳගෙන සුජිත් අන්නමෙලේ ලස්සනට උදව් කරනවා... ඒ නිසා අපි කියනවා මේක පිටිපස්සේ හඹාගෙන හඹාගෙන ගියාම හොඳ හොඳ දේවල් එළිවෙන යාමෙට බේරගන්න පුළුවන් හොයාගන්න පුළුවන්.. ඒ නිසා කරුණාකරලා CID එකේ මහත්තුරුන් හැකි ඉක්මනින් මොවුන් අත්අඩංගුවට අරගෙන චෝදනා ගොනුකරලා අධිකරණයට වාර්තා කරන්න මෙන්න මේ වගේ පුද්ගලයෝ.  එහෙම නොවුනොත් පන්සල් දහදාහක් තියෙනව ලංකාවේ අපි හැම පන්සලක්ම.. මම මෙහෙම   ඉස්සරහට එන්නේ මගේ පිටිපස්සෙන් සැහෙන්න භික්ෂුන වහන්සේලා ප්‍රමාණයක් ඉන්නවා... අරණ්‍ය වාසි ග්‍රාමවාසි බෞද්ධ ජනතාව ඉන්නවා ඒ නිසා අපි කියනවා අපි හැමෝම එක්ක මහපාරට එනවා මේ රටේ බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ නෑ කියන ප්‍රකාශය අපි ඉතා තදින් මේ වෙලාවේ කියනවා.“ ප්‍රකාශය හේතුවෙන් කන්දසාමි අන්නමලේ සුජිත් ප්‍රියන්ත වන මාගේ සහ පවුලේ අයගේ ජිවිතයට දේපොළවලට තර්ජනයක් විය හැකි බැවින් ඒ පිළිබඳව සොයා බලා හැකි ඉක්මනින් නිසි විමර්ශනයක් කර මාගේ සහ මාගේ පවුලේ අයගේ ජිවිතවලත් දේපොළවලත් ආරක්ෂාව තහවුරු කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

letter sujith a


බලන්ගොඩ කස්සප හිමි විසින් කරන සිදු කරනු ලැබූ මාධ්‍ය සාකච්ජාවට අදාළ වීඩියෝවක් පහතින් දැක්වේ.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිහිප වරක්ම බලංගොඩ කස්සප හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ.

අරලිය ගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය වසරේ අගෝස්තු 24 දා උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ද උන්වහන්සේ අත්අඩංගුවට පත්විය. 

කස්සප හිමිගේ පැටිකිරිය අරගලේ හිටපු තරුණයෙක් හෙලි කරයි

''මට නිරාගමික කල්ලතෝනියා කියලා බැන්නා. අපිට කන්න නැතත් හාමුදුරුවන්ට දානෙ ටික පිළිගන්නලා උපස්ථාන කරපු අපිට එහෙමයි කස්සප හාමුදුරුවො අන්තිමට කතා කලේ.''

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්