ICCPR පනත මගින් භාෂණයේ නිදහසට සීමාවන් පනවා ඇතැයි එක්සත් ජනරජ පෙරමුණ පවසයි.



මෙම පනත නිර්මාණය කලේ මිනිසුන් සිරගත කිරීමට නොව, මිනිසුන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා බව එක්සත් ජනරජ පෙරමුණ ජ්‍යෙෂ්ඨ උපසභාපති, දේශපාලන මණ්ඩල සභික නීතිඥ ශිරාල් ලක්තිලක පැවසිය.

ICCPR පනතට අත්සන් කිරීම යනු එම නීතිය අපගේ නීතියක් බවට පත්කළ යුතුයි යන්න බවද ඔහු කියා සිටියේය.

 නීතිඥ ශිරාල් ලක්තිලක එබැව කියා සිටියේ, ICCPR පනත මගින් රජය සිදුකරන අත්අඩංගුවට ගැනීම් පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා අද (31) පැවති මාධ්‍ය හමුවක දිය.

ජාතික, ජාතින් අතර, ආගමික අසමගිය ද්වේශසහගතව පැතිරවීම තුළින් යම් පුද්ගලයෙකු කාටහෝ පහරදීමට මරණයට පත්කිරීමට පෙළඹෙන්නේ නම් එම ICCPR පනතේ 20 වන වගන්තියෙන් සීමා කිරීමක් කර තියෙන බවද ඔහු සඳහන් කළේය.


''ආගමික සංහිඳියාව විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්''

මාධ්‍ය හමුව ඇමතු එක්සත් ජනරජ පෙරමුණ දේශපාලන මණ්ඩලයේ සභාපති කරූ පරණවිතාන පැවසුයේ, ව්‍යවස්ථාව මගින් අදහස් පළකිරීමේ, සිතීමේ, කැමති ලබ්දියක් ඇදහීමේ අයිතිය ලබා දී තිබුනද එම අයිතිය ආගමික, ජාතික වාර්ගික යන කරුණු ඔස්සේ ව්‍යවස්ථාව මගින්ම සීමා කිරීමකට ලක්කර තිබෙන බවයි.

ලෝකයේ කිසිදු රටක අයිතීන් පරම අයිතීන් ලෙස නම් කර නොමැති බවද ඔහු සඳහන් කළේය.

එක්සත් ජනරජ පෙරමුණ ජාතික සංවිධායක, දේශපාලන මණ්ඩල සභික සුමේද රත්නායක පැවසුයේ, මේ වනවිට රට තුල ආගමික සංහිඳියාව විනාශ කිරීමට කණ්ඩායමක් විසින් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි. 

0001101

00010102

001010

 


සබැඳි පුවත් :

'ICCPR පනත තෝරාගත් පිරිසකගේ දේශපාලන අවියක් වෙලා' - චම්පික

මානව හිමිකම් රකින්නට ගෙනා ICCPR පනත

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්