ආනයන සීමා පනවා තිබූ භාණ්ඩ 400 ක පමණ ආනයන සීමා ලබන සතියේ සිට ලිහිල් කිරීමට

තීරණය කර ඇති අතර අගෝස්තු මස වන විට සාමාන්‍ය උද්ධමනය තනි ඉලක් කමක් කරා ගෙන ආ හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේය.

එසේ ආනයනික සීමා ලිහිල් වන භාණ්ඩ අතර ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, සංචාරක ක්ෂේත්‍රයට අදාළ වන භාණ්ඩ, කෘෂි කර්මාන්තයට හා ධීවර කර්මාන්තයට අදාළ භාණ්ඩ මෙන්ම මෙරට කිසිදු ආදේශකයක් නොමැති භාණ්ඩ ද ඇතුළත්ය.

රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය සඳහන් කළේ විවිධ කර්මාන්තකරුවන්ගේ, කෘෂි හා ධීවර ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ඉල්ලීම් සඳහා පුමුඛත්වය ලබා දෙමින් මෙම ලිහිල් කිරීමේ ලැයිස්තුව සකස් වන බවයි.


''අගෝස්තු වන විට උද්ධමනයත් තනි ඉලක්කමට එයි''

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට සාමාන්‍ය උද්ධමනය වේගයෙන් පහළ බැසීමක් පෙන්නුම් කර ඇති බවත්, මැයි මස අගවන විට සාමාන්‍ය උද්ධමනය 25.5% ක් දක්වා පහත වැටී ඇති බවත්ය.

ඒ අනුව ජූලි මස මුල වන විට මෙම සාමාන්‍ය උද්ධමනය 13% ක් දක්වා අඩුවීමක් පුරෝකතනය කළ හැකි බවත්, අගෝස්තු මස වන විට රටේ සාමාන්‍ය උද්ධමනය තනි ඉලක්කමක් දක්වා ගෙන ආ හැකි බවය.

පෙර පුරෝකතනය කර තිබුණේ උද්ධමනය තනි ඉලක්කමකට පැමිණිය හැක්කේ මේ වසරේ අග වුවත්, මේ වන විට ආර්ථිකයේ වේගවත් දියුණුව හමුවේ උද්ධමනය තනි අගයක් දක්වා පැමිණීම මේ වසරේදි අගෝස්තු මස සිදුවිය හැකි බවත්, මේ වන විට ආර්ථිකයේ පවතින සුබවාදි තත්ත්වයේ වාසිය ජනතාවට ලබා දීමට රජය හැකි සෑම උත්සාහයක්ම දරන බවත්, ඉදිරියේදි ආනයනික සීමාවන්ට ලක්වූ භාණ්ඩ බොහෝමයක මිල ගණන් අඩුවිය හැකි බවත්ය.

(silumina.lk)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image