ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සහ SL VLOGS යූ ටියුබ් නාලිකාව හිමි, සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන බෲනෝ දිවාකර ජුනි 21 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මෙම සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් තිලිණ ගමගේ එසේ නියෝග කර ඇත.
"මෝඩාභිමානය" නමින් සංවිධානය කර තිබූ වැඩසටහනකදී බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට හානියක්, අපහාසයක්, අගෞරවයක් වන අයුරින් ප්‍රකාශයක් සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත්කල පැමිණිල්ල සලකා බලා පසුගියදා නතාෂා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගකළ අධිකරණය, අනතුරුව ඇයගේ එම ප්‍රකාශය අන්තර්ජාලය මගින් බෙදා හැරීමට කටයුතු කිරීමේ සැකය මත බෲනෝ දිවාකර රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
නතාශා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම ගැන පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කළ අදහස් දැක්වීම් තුළින් අධිකරණයට අපහාසයක් සිදු වූවායැයි කියමින්, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, දේශපාලන විචාරක විදර්ශන කන්නංගර, සමාජ ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු යන අයට එරෙහිව අගතියට පත් පාර්ශ්වයේ නීතිඥයන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දින කරුණු වාර්තා කළ අතර ඒ ගැන විමර්ශනයක් සිදු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සබැඳි පුවත් :
SL Vlog හිමිකරු බෲනෝ දිවාකර අත්අඩංගුවට
ප්‍රහසන ශිල්පිනි නතාෂා රිමාන්ඩ් !
ජයනි නටාෂා සමාව ඉල්ලයි! - කටුනායක දී පොලීසියෙන් අල්ලයි!