ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ නොකරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර පවසයි.
ඔහු පැවසුවේ ටෙලිකොම් ආයතනය පෞද්ගලිකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු ලාභය පදනම් කරගත් පෞද්ගලික ආයතන වෙත නිරාවරණය වන බවට ඒ සම්බන්ධයෙන් සිදු කළ වාර්තාවෙන් හෙළි කර ඇති බවයි.
සරත් වීරසේකර මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ අදාළ වාර්තාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ මෙන්න
මේ අතර සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.