මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති වික්‍රමසිංහ, පුළුල් ම සන්ධානයකින් ඉදිරිපත් වනු ඇති බව

එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් පවසයි.

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එබව කියා සිටියේ  එජාප දොඩම්ගස්ලන්ද බලමණ්ඩල රැස්වීමේදීය.

 



ඩලස් - සජිත් එක් වේ

මේ අතර විපක්ෂයේ ප්‍රධාන ධාරාව වන සමගි ජන බලවේගය මුල් කරගත් පුලුල් දේශපාලන ධාරාවක් ගොඩනගා එය මුල්කරගෙන ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට ආමන්ත්‍රණය කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසයි.

විපක්ෂයේ බලවේග එකතු කර ගනිමින් පුළුල් සන්ධානයක් හදා මේ ආණඩුව පරාජය කරන බව ද ඔහු කියයි.

කවුරුන් සමග පෑහෙනවා ද, කවුරුන් සමග නොපෑහෙනවා ද නොව, බලවේග වැඩ කරන ආකාරය පමණක් දේශපාලනයේ දී තීරණයවන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තම මන්ත්‍රි කණ්ඩායමේ 13 දෙනෙක් සිටින බවත්, පොහොට්ටුව තුළ යම් කණ්ඩායමක් තමන් සමග සංවාද කරමින් සිටින බවත් මහාචාර්ය චරිත හේරත් පැවසුවේය.

“රනිල් වික්‍රමසිංහ කියන්නේ එක්කෙනයි. රනිල් වික්‍රමසිංහට සාපේක්ෂව අනුපාතය දහතුනට එකයි.  බලවේග වැඩකරන විදිහට තමයි දේශපාලනය තීරණය වෙන්නේ” හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. 
 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්