ටෙලිකොම් පෞද්ගලීකකරණය කිරීම හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ප්‍රසිද්ධියට පත්කළ වාර්තාව සැකසීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන කිසිඳු ආයතනයකින්
හෝ අංශයකින් විමසීමක් සිදුකර නොමැති බවට අනාවරණය වී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.
ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසන්නේ ඊයේ (13) පැවති ආරක්ෂක කවුන්සිලයේදී මේ බව අනාවරණය වී ඇති බවය.
කෙසේ වෙතත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර විසින් ජුනි 09 වෙනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ කළ වාර්තාවේ සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවය.
සබැඳි පුවත් :
ටෙලිකොම් පෞද්ගලිකකරණය ජාතික ආරක්ෂාවට තර්ජනයක් ද? - මහාචාර්ය සමරජීවගේ විග්‍රහයක්