හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ මේ වනවිට සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පී. ඩී අබේරත්න නම් අදාළ ආසන සංවිධායකවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ අහසට වෙඩිතබා පිරිසක් බියවැද්දීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

විරුද්ධවාදීන් පිරිසක් බිය ගැන්වීම සඳහා අහසට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය පවසයි.

මන්ත්‍රීවරයා හොරණ ධීරානන්ද මාවත ප්‍රදේශයේ ඔහුට අයත් පෞද්ගලික තේ ඉඩම නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ එම ඉඩමට අනවසරයෙන් ඇතුළු වී එහි තිබෙන නිවස ඉදිරිපිට රැඳී සිටි ආගන්තුක පිරිසක් සමග ඇතිවූ බහින්බස් වීමකින් පසු එම පිරිසෙන් අයකු මන්ත්‍රීවරයාට පොරවකින් පහරදීමට උත්සාහ දැරීමේදී වෙඩි තැබීම සිදු වී ඇති බව පොලිසිය කියයි.

පොලීසිය සඳහන් කළේ ඔහුව අද (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය. 

 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්