බුදු දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කළැයි කියන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින නතාෂා එදිරිසූරිය

ජූලි 5 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි  කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කළේය.

නතාෂා එදිරිසූරියට අනුබලදුන්නේ යැයි කියන සිද්ධියකට අත්අඩංගවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ සිටින SL-Vlog හි හිමිකරු වන බෲනෝ දිවාකර ඇප මත මුදා හරින්නැයි ද අධිකරණය නියෝග කළේය.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය මැයි (31) වැනිදායි.

එසේම, පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් ද ලබන 5වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද අධිකරණය නියෝග කළේය.

ආගමික සහජීවනයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට එම හිමි අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබුණි.

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image