කිසියම් පිරිසකගේ මාරාන්තික ප්‍රහාරයකට ලක්වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර අද (26) රාත්‍රී 9.00ට පමණ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාරක ඒකකයට

ඇතුලත්කර ඇත.

වෛද්‍ය සයුරු සමරසුන්දර පදිංචිව සිටින හෝකන්දර ''ඊඩින් ගර්ල්ඩ්'' නිවාස සංකීර්ණයේ සිය නිවස ඉදිරිපිට බාදාකාරී වන ලෙස වාහනයක් නතර කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල් කර ගෙන මෙම පහරදීම සිදුව ඇති බවද දැනගන්නට තිබේ.

ක්‍රීඩා හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ සොයුරකුගේ පුත්‍රයකු ඇතුළු කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදුකර ඇතිබව වාර්තාවේ.

එම ප්‍රහාරයෙන් ඔහුගේ හිසට තුවාල සිදුව ඇති අතර රෝහලට රැගෙන එනවිට අධිකලෙස රුධිරය වහනය වෙමින් තිබු බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මෙම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.WhatsApp Image 2023 06 26 at 10.58.21 PM


ඇමති රෝෂන්ගෙන් නිවේදනයක් !


මේ අතර වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර හට ඇමතිවරයාගේ සොහොයුරෙකු විසින් පහරදීමක් සිදුකර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රවෘත්තියක් පල වී ඇතිබවයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

'' රොෂාන් රණසිංහ අමාත්‍යවරයා හට සහෝදරයන් දෙදෙනකු සිටින අතර මේ වනවිට ඔවුන් දෙදෙනාගෙන් එක් සොහොයුරෙකු ජපානයේ ද, අනෙක් සොහොයුරා එංගලන්තයේ ද සිටියි. මෙම පලවන අසත්‍ය ප්‍රචාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මේ වන විටද විදේශගතව සිටින අමාත්‍යවරයා සඳහන් කර සිටී.

මෙම ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු හට නිරීක්ෂණය වූ බවත් ඉන්පසු ඒ පිළිබඳ සොයා බැලීමක් සිදුකළ අතර සයුරු සමරසුන්දර නම් මෙම පුද්ගලයා දැඩි ලෙස බීමත්ව සිහි විකල්ව නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වීමට යාමේදී ඇතිවූ ප්‍රශ්නයක් මත පහරදීමක් සිදුවී ඇති බවත්, ඔහු මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති බවද රෝහල වෙත ඇතුලත් කරන අවස්ථාවේදීද ඔහු බීමතින් සිටි බවත් එහිදී ද වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් හට තර්ජනාත්මක අයුරින් බැන වැදී කලහකාරී ලෙස හැසිරී ඇති බවද  රෝහල් කාර්ය මණ්ඩලයෙන් දැන ගැනීමට ලැබුණු බව රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සඳහන් කර සිටී.

මෙම පහරදීම සම්බන්ධයෙන් ඔහු හෝ ඔහුගේ සොහොයුරන් දෙදෙනාගේත් කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කළ අමාත්‍යවරයා  මෙවැනි අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය  නොකරන ලෙස වැඩි දුරටත් පවසා සිටියි.''

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්