ජනාධිපති වික්‍රමසිංහ විසින් මැතිවරණ කොමිසමට (EC) සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRC)
සඳහා සාමාජිකයන් පත්කර ඇත.
මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය පත් කර ඇති අතර එහි සෙසු සමාජිකයන් ලෙස නිමලසේන ගාර්දිය පුංදිහේවා, තයියමුත්තු තනරාජ්, මහාචාර්ය ෆාතිමා ෆර්සානා හනීෆා සහ ආචාර්ය ගෙහාන් දිනුක් ගුණතිලක පත් කර තිබේ.
එමෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයකු වන ආර්.එම්.ඒ.එල්. රත්නායක පත් කර තිබෙන අතර එම්.ඒ.පත්මසිරි චන්ද්‍රවංශ පෙරේරා සහ අමීර් මොහොමඩ් ෆායිස් පත්කළ සෙසු සාමාජිකයෝ වෙති.
අදාල ක්ෂේත්‍රවල අත්දැකීම් සහ ප්‍රවීණතාවයන් ඇති පුද්ගලයින් මේ සඳහා පත්කරනු ලැබ ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.