පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සිය ධුර කාලය අවසන් කර අදට (4) දින 9ක් ඉක්ම ගියද නව පොලිස්පතිවරයකු පත් නොකිරීම හේතුවෙන් පොලිසියේ පරිපාලන කටයුතු අකර්මන්‍ය වී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග
පවසයි.
පොලිසියේ කටයුතු සම්බන්ධයෙන් උපදෙස් දීමට, නියෝග දීමට, අනුමැතිය දීමට දින නවයක් තිස්සේ පොලිස්පතිවරයකු නොමැති කමින් මෙම තත්වය උද්ගත වී ඇති බව එම ආරංචි මාර්ග කියයි.
මේ අතර නව පොලිස්පතිවරයා පත්කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි දින කිහිපයේදී නම් තුනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව 'ලංකාදීප' පුවත්පත වාර්තා කර ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (වයඹ) ලලිත් පතිනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත) දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) ප්‍රියන්ත වීරසූරිය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සබරගමුව) පී.පී.එස්.එම්. ධර්මරත්න යන මහත්වරු ජ්‍යෙෂ්ඨතා ලේඛනයට අනුව ඉදිරියෙන් සිටිති.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගේ ධුර කාලය ඉකුත් 26 වෙනිදා අවසන් වීම හේතුවෙන් පොලිස්පති නිල කාමරයේ තිබූ ඔහුගේ බඩු බාහිරාදිය ද ඉවත්කර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වශයෙන් 2020 නොවැම්බර් මස පත් වූ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඉකුත් මාර්තු මස 25 වැනිදා විශ්‍රාම යාමට නියමිතව සිටියදී ජනාධිපති වික්‍රමසිංහ විසින් ඔහුට මාස 3 ක සේවා දිගුවක් දෙනු ලැබීය.
එම සේවා දිගුව ද ඉකුත් 26 වැනිදායින් අවසන් විය.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට තවදුරටත් සේවා දිගුවක් නොදී එකී ධුරයට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පත්කරන ලෙස අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයෙන් ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටිති.
කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මැදිහත්වීම...
මේ අතර කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් දේශබන්ධු තෙන්නකෝන් සහ නිලන්ත ජයවර්ධන දෙනෙනාගෙන් ගෙන් කෙනෙකුට පොලිස්පති ධුරය ලබා නොදෙන ලෙස ලිඛිත දැනුම්දීමක් කර ඇත.
මේ අතර අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පවසන්නේ, පොලිස්පති ධුරයට සුදුසු නිලධාරියකු පත්කිරිමේදි ආගමික නායකයන් බලපෑම් කිරිම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.
පොලිස්පති ධුරයට නිලධාරියකු පත්කිරිම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ නිදහස ජනාධිපතිවරයාට තිබිය යුතු බවත් කුමන හෝ ආගමික නායකයකු ඒ සඳහා කරන බලපෑම් සුදුසු නොවන බවද උන් වහන්සේ කියති.
ඉතිහාසයේ පළමුවරට පොලිස්පතිවරයකු නැති පොලිසියක් වර්තමානයේ පවතින්නේ මෙම අනවශ්‍ය බලපෑම් නිසා යැයිද නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ කියති.
සබැඳි පුවත් :
පොලිස්පති පත්කිරිම : කාදිනල් හිමිගේ මැදිහත්වීමට අස්ගිරි පාර්ශවයේ විරෝධය