දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ කල්තැබීමේ විවාදය අද (06) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව තිබේ.


අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් පසුගියදා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව පසුගිය ජුනි මස 21 වන දින දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පළමු වරට පැවැත්වුණි.

ඊට සංශෝධන ඉදිරිපත් කිරීමට විපක්ෂ කල් ඉල්ලීමත් සමග අද දිනයේ යළිත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදය පැවැත්වීමට නියමිත අතර විවාදයෙන් අනතුරුව පනත් කෙටුම්පත සම්මත කරගැනීමට නියමිත බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේය.

මේ අතර දූෂණ විරෝධී පනත් කෙටුම්පත සඳහා විපක්ෂය ඉදිරිපත් කළ සංශෝධන රැසකට සාධාරණ හා නීතිගරුක සමාජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී එකඟතාවය පළ වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සඳහා සහාය දැක්වීමට විපක්ෂය තීරණය කර ඇති බව චන්දිම වීරක්කොඩි සඳහන් කළේය.

කෙසේවෙතත් අදාළ පනත සම්බන්ධයෙන් සිය පක්ෂය ඉදිරිපත් කර ඇති සංශෝධන රජය පිළිගන්නේ නම් ඊට සහාය දැක්වීම සම්බන්ධයෙන් සලකා බලන බව සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේය.


සබැඳි පුවත් :

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්